වනාතමුල්ලේ පැහැරගැනීමට ලක්වූ සුනිල් කියන කතාව

"වනාතේ සුනිල් ආරක්ෂාව ඉල්ලයි"
වනාතමුල්ල නිවාස අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ අතර එහිදී එයට විරුද්ධ හඬක් නැගු එම පුදේශයේ ජීවත්වන සමරධීර සුනිල් නැමැත්තා පැහැරගනීමකටද ලක්විය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය. එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් නැමැත්තා සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරන ලද අතර වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු - සුනිල් වටගල මහතාද මතුවී තිබෙන තත්වය පැහැදිලි කළේය. කෙසේවෙතත් වනාතමුල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැර ගැනීමට ලක්වූ බව කියන සුනිල් නමැත්තා කියා සිටියේ තම ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් රජය ඊට වගකිව යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ පැහැරගැනීමට ලක්වූ සරධීර සුනිල් ප්‍රකාශ කල අදහස් පහත දැක්වේ.

"වනාතමුල්ල නිවාස සමිතියේ මම ඉන්නවා..අපේ නිවාස වෙනුවෙන් අපි කතා කරා..අපිට ප්‍රශ්න ගොඩක් තියෙද්දී ආරක්ෂක ලේකම් තුමා අපේ බිල්ඩින් එකට ආවා..මම ඒ වෙලාවේ කඩයප්පන් තබන තැනක හිටියේ..ප්‍රසාද් කියන එක්කෙනයි බ්‍රිගේඩියර් නුයි මාව ඈත ඉදන්ම පෙන්නුවා..පෙන්නුවට පස්සේ මගේ නිවාස පැත්තට ආවා..

ගැහැණුන්ට හඳට වුණත් යන්න පුලුවන්- Geetha Kumarasinghe

"ගාල්ලේ මහ ඇමැති අපේක්ෂක මම"
“දකුණු පළාත් සභාවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ මහ ඇමැතිකමට මම තරග කරනවා. කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ.හඳට යන්න වුණත් හැකියි. ඕනෑම අභියෝගයක් භාරගෙන පිළිවලට, පියකරුව, පැහැදිළිව සිදු කරන්න හැකියාවක් කාන්තාවට තියෙනවා”ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

‘දකුණු පළාතේ රෝහල්වල අද ලෙඞ්ඩු නෑ. ඉන්නේ කම්කරුවෝ සහ සේවකයෝ. පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ හිතවත්කම මතයි සෞඛ්‍ය සේවා කම්කරු රස්සා දෙන්නේ.ඒ නිසා තමයි මම කියන්නේ දකුණු පළාතේ රෝහල්වල දැන් රෝගින්ට වඩා සිටින්නේ කම්කරු සෞඛ්‍ය සේවකයන් කියලා.ඒ අයගේ හිතවතුන්ට රස්සා දීලා හොරෙන් ජන්ද ටික බා ගන්නවා.

මම කැමැතිම වුණේ නැහැ පළාත් සභාවට ජන්දය ඉල්ලන්න. මම කැමැති නෑ පළා බබෙක් වෙන්න. නමුත් ජනාධිපතිතුමා කීවා ඔන්න අවස්ථාවක් තියෙනවා. යන්න ගිහිල්ලා පළාත් සභාවේ වැඩ කරන්න.ජන්දය ඉල්ලන්න කියලා. මහ ඇමැති නියෝජිත අපේක්ෂකයා වශයෙන් ඉල්ලන්න මට දැන් අවස්ථාවක් ලැබිලා තියනවා.’ යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


නදීෂා හේමමාලි හොඳ ෆයිටර් කෙනෙක්- Mangala Samaraweera

නදීෂා හේමමාලි නිළියක්. බැලුවම හරි ලස්සනයි. රූපෙට මොළයකුත් දෙවියන් වහන්සේ එකතු කරන්නේ කලාතුරකින්.

ඇය හොඳ දේශපාලන දැනුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන හොඳ ෆයිටර් කෙනෙක් යැයි මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.මාතර ඉසදින් නගරයේ දී පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කරනු ලැබිය. එම අවස්ථාවට සහභාගි වෙමින් මංගල සමරවීර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

නදීෂා හේමමාලි වගේ තරුණ පරපුරට කතා කරන්න පුළුවන් කලාකාරියන් මැතිවරණයට ඉදිරිපත් වීම අපි ලබපු පෞද්ගලික ජයග්‍රහණයක්. නදීෂා ගාල්ලෙන් ඉල්ලන්න සිටිය දී මාතරට ඇදලා ගත්තා. සමහරු කියයි මම මුලින් අනර්කලී ගෙනල්ලා දැන් නදීෂා ගෙනල්ලා කියලා. අනර්කලී දේශපාලනයට ගෙනාවේ මම ‍නෙවෙයි. මම විදේශ ඇමැති ලෙස සිටියදී මගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙස ඇය පත් කළා. මම ඇයට අපහාස කරන්නේ නැහැ. එතුමියට තිබෙන ප්‍රශ්න ගැන බලන විට ඇය වටකරගෙන එතුමියගේ පැත්තෙ අයම ගහනවා.

පිළිකාවලින් පසුගිය වසරේ 14000 ක් මියගිහින් - සෞඛ්‍ය අමාත්‍යාංශය

පසුගිය වසර තුළදී පිළිකා රෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මියගිය සංඛ්‍යාව 14,000 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මුඛ පිළිකාවෙන් පමණක් පුද්ගලයෝ 2500 ක් මියගොස් සිටිති.

 පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් යැයි තහවුරු වී ලියාපදිංචි රෝගීන් ප්‍රමාණය 25,842 කි. සාමාන්‍යයෙන් මුඛ, ගලනාලය, ආමාශය, මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා මෙන්ම ගැබ්ගෙල සහ පියයුරු පිළිකා මේ පිළිකා වර්ග අතර බහුලව හඳුනාගෙන තිබේ. මින් ප්‍රථම පිළිකා වර්ග තුන කිසියම් පුද්ගලයෙකු වෙත කැඳවීමට ඉවහල් වන හේතු සාධක වන්නේ බුලත්විට, මත්පැන් හා දුම්බීමයි. මේවා භාවිතයෙන් තොරවීම පිළිකා අවදානම මැඬ පවත්වන අතර, කාන්තාවන් අතර බහුල ගැබ්ගෙල, පියයුරු පිළිකා කලින් පරීක්ෂා කර හඳුනාගැනීම තුළින් සුවකරගත හැකිය.

කෙසේ නමුත් බුලත් විටක් සැපීම මගින් මුඛයට පිළිකාකාරක 32 ක් ඇතුළු කරගන්නා අතර, මෙය මිනිසාගේ මාරාන්තික පුරුද්දක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කුරුණෑගල විදුහල්පතිට එරෙහි පැමිලිලි රැසක්

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා විසින් සිසුවියකට ඉතා පහත් වචනවලින් බැණ වැදීමත් එය හේතුකොටගෙන ඇය ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගැනීමත් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඊයේ (17) සිය විමර්ශන ආරම්භ කළේය.

ඔය පාසල සහ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මෙම සිද්ධියට පෙරත් අපිට දිගින් දිගටම පැමිණිලි රාශියක් ලැබිලා තිඛෙනවා.පාසල් පද්ධතියේ ප්‍රශ්නවලට අපි එකවරම ඇගිලි ගහන එක හොඳ නැති නිසා ඒ ගැන යම් පියවරක් ගැනීම වයඹ පළාත් අධ්‍යාපනඅධ්‍යක්ෂට පැවැරුවා. මතෛක් ඒ ගැන කිසිවක් ඔහු කරලා නැහැ. දැන් ළමයෙකුත් මිය ගිහින් තියෙනවා. අපි තවත් බලා හිටියොත් තව මොනවායින් මොනවා වේවිද දන්නේ නැහැ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය එසේ සඳහන් කළාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස තමන් දැනුම් දුන් බවද ඇය පැවැසුවාය.1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 අ” වගන්ති ප්‍රකාරවළමුන් කෘෘරත්වයට පත්කිරීමට මානසික ව්‍යාකූලත්වයටද අයත් බව සඳහන්ව ඇති බැවින් හා 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයෙන් මානසික හානි අපරාධ නීතියට ඇතුළත් කර තිඛෙන බැවින් විදුහල්පතිවරයා ඉතා පහත් වචනවලින් සිසුවියට බැණ වැදීම කෘෘරත්වයට පත්කිරීමක් සේ සලකා නීතිමය කටයුතු කළ හැකිය.

සම්බාහන මධ්‍යස්‌ථාන හා ගණිකා වෘත්තියේ නව මුහුණුවර - New face of brothel centers

සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහකය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝමයක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය. පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයේ තවත් ප්‍රවණතාවයකි සම්බාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාරය. අද ලංකාවේ SPA නමින් හැඳින්වෙන්නේ එම "මසා- සෙන්ටර්" ය. ඒවා විවිධ ලේබල් යටතේ ආයුර්වේද පංචකර්ම සිදුකරන ස්‌ථාන ලෙසත්, සංචාරක සත්කාරක නිකේතන ලෙසත් හඳුන්වා ඇත. කොළඹ නගරයේ පමණක්‌ මෙවැනි ස්‌ථාන 100 ක්‌ පමණ ඇත. කැලණිය, වත්තල, මීගමුව, නුගේගොඩ, ගල්කිස්‌ස, දෙහිවල, පානදුර, කළුතර, මහරගම, හික්‌කඩුව ආදී ප්‍රදේශ පුරාම මෙම SPA ස්‌ථාන දැකිය හැකිය. 

කුරුණෑගල, නුවර වැනි රට අභ්‍යන්තරයේ ද මෙවැනි ස්‌ථාන විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. රට පුරාම මෙම ස්‌ථාන 2000 කට වැඩි ප්‍රමාණයක්‌ ඇත. මෙවැනි ස්‌ථානයක සාමාන්‍යයෙන් අවම වශයෙන් කාන්තාවන් 5-10 අතර ප්‍රමාණයක්‌ සේවය සපයයි. ඔවුන් හඳුන්වන්නේ තෙරපිවරියන් ලෙසයි. මේවා බොහෝමයක්‌ පවත්වාගෙන යන්නේ ද දේශපාලන බලපුළුවන්කාරකම මත ලබාගත් අවසරයක්‌ මතය. 

ගව ඝාතනයට නිසි පිළිතුරක් නොදුන්නොත් හිමිනමක් ගිනි තියා ගන්නවා

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් කර තිබෙන ඉල්ලීමට නිසි පිළිතුරක් අද (18දා) උදෑසන වන විට ලබා නොදුන්නහොත් තම සංවිධානයේ භික්‍ෂුන් වහන්සේ නමක් අද ගිනි තබාගන්නා බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ඊයේ සවස ප්‍රකාශ කළහ. එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඍජුවම බාරගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පෙරේදා (16දා) සිංහල රාවය ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයේ දෙවැනි දිනය යෙදී තිබූ ඊයේ (17දා) ඒ හිමියෝ එසේ පැවැසූහ. මේ සම්බන්ධයෙන් පිළිතුරක් දීමට මාස තුනක කාලයක් වෙනුවට මාස 8ක කාලයක් ජනාධිපතිවරයාට ලබාදී ඇති බවත් තම ගව පාලන ව්‍යාපෘති වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගව ඝාතනය නතර කළහොත් මෙරට ජනතාවට වඩා ගවයන් සිටිය හැකි බව නිලධාරීන් ප්‍රකාශ කළ රටක් ලෙස හැඳින්විය හැකි බවත් පැවැසූහ.

සංවේදී නායකයකු නම් ජනාධිපතිවරයා තම පා ගමන කොළඹට ළඟාවීමට ප්‍රථම සතුටුදායක පිළිතුරක් ලබා දිය යුතුව තිබුණත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කරන බවද ඒ හිමියෝ පැවැසූහ.

මරණය ගැන මට සැකයි " දිවි නසාගත් O.I C ගේ බිරිය ප්‍රකාශ කරයි " - Wife of dead Intel IP suspects foul play

"මගෙ මහත්තයාට වෙඩි තියාගන්න තරම් ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ. මගේ මහත්තයාගේ මරණය ගැන මට සැකයි" යනුවෙන් මියගිය බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මිල්ටන් සමරකෝන් මහතාගේ බිරිය වන මහේෂිකා පීරිස්‌ මහත්මිය දැඩි කම්පනයෙන් යුතුව ඊයේ (17) වැනිදා දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පැවැසුවාය.

අතුරුගිරිය පොලිස්‌ වසමට අයත් ගොඩගම ප්‍රදේශයේ වෙල්යායකදී පෙරේදා මියගොස්‌a සිටි බුද්ධි අංශ නිලධාරියාගේ තොරතුරු සොයා ගිය අවස්‌ථාවේ ඇය ඉහත විස්‌තර හෙළි කළාය.

එහිදී ඇය මෙසේද කීවාය.

මියගිය මහත්තයාගෙයි මගෙයිs කිසිම ආරවුලක්‌ තිබුණේ නැහැ. 15 වැනිදා උදේ මහත්තයා මාත් එක්‌ක කතා කරලා තේ එකක්‌ බීලා වැඩට යනවා කියලයි ගියේ. පස්‌සේ මම ඔහු රෑ ගෙදර ආපු නැති නිසා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්‌වූයේ නැහැ.

Gossip Lanka Hot News Previous News Archive