මාළු ගන්න ඇග විකුණයි. - Fish for Sex

බටහිර කෙන්යාවේ, වික්ටෝරියා ජලාශය තුළ ධීවර බෝට්ටු එකිනෙක හැපෙමින් පොරකන්නේ අලූයම අල්ලාගත් තම මාළු ඵලදාව විකුණා ගැනීම සඳහා ඉඩක් සකසා ගැනීමටය.දැඩි හිරු රැස් මධ්‍යයේ ධීවරයන් තරගයට මෙන් කේවල් කරන්නේ මාළු මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටින මාළු වෙළෙන්ඳන්ය. ඔවුන් බහුතරය කාන්තාවන්ය. වෙළෙඳ පොළේදී ඉතා සුළු ලාභයක් සහිතව ධීවරයන්ගෙන් ලබාගත් මාළු ටික අලෙවි කරගැනීම මේ මාළු වෙළෙන්ඳියන්ගේ එකම බලාපොරොත්තුවය.

අප මේ කතා කරන්නේ කෙන්යාවේ අතිශය දුගී පළාතක් ගැනය. කෙසේ වෙතත් ධීවරයන් හා මාළු වෙළෙන්ඳියන් අතර සිදුවන මාළු ගනුදෙනුවේ මූල්‍යමය හුවමාරුවක් සිදුවන්නේ නම් ඒ ඉතා කලාතුරකින් බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ මාළු ගනුදෙනුවේ මුදල සෙක්ස් ය. එනම්, ඔවුන් ධීවරයන්ගෙන් මාළු ලබාගැනීමේදී වැඩි වාසියක් ගැනීමට විකුණන්නේ තම පතිවතය.

කතා ව්‍යවහාරයේදී මේ මාළු වෙළෙඳාම හැඳින්වෙන්නෙ මාළුවලට සෙක්ස් (sex for fish) හෙවත්, ඔවුන්ගේ ප‍්‍රාදේශීය භාෂාව වන ලූ ඕ භාෂාවෙන් (ජබෝයා) යනුවෙන්ය.

රෑට කාන්තා යට ඇඳුම් සොරකමේ ගිහින්

කාන්තා යට ඇඳුම් රෙදි වැල්වලින් රාත්‍රි කාලයේ සොරා ගැනීම පුරුද්දක්‌ කොටගෙන අත්අඩංගුවට පත්ව රිමාන්aඩ් භාරයේ පසු වූ සැකකරුවකු චෝදනාවට වරද පිළිගැනීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු රුපියල් 5000 ක මුදල් සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය.

ඇප නියම වූ සැකකරු වූයේ ගාල්ල මත්තක වැයිහේන පදිංචි කනත්තේවත්තේ ගෙදර පදිංචි රෝහණ කුමාර නමැත්තෙකි. ඔහු විසින් සීදුව අමන්දොළුව ප්‍රදේශයේ නිවාසවල තිබෙන රෙදිවැල්වල වනා තිබෙන කාන්තා යට ඇඳුම් රාත්‍රි කාලයේ සොරාගෙන පොලිස්‌ අත්අඩංගුවට පත්වී ඇත.

සැකකරු භාරයේ තිබී කාන්තා යට ඇඳුම් තොගයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මාර්තු මස 3 වැනි දින පැවැත්වේ.

වෙනුෂාට බැන වැදුණු කුරුණෑගල විදුහල්පති අත්අඩංගුවට - Kotalawala principal arrested by NCPA

"කෲරත්වයට වරදකරු වුවොත් අවුරුදු 10 ක් හිරේ"
කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ සාමාන්‍ය පෙළ සිසුවිය වෙනූෂා ඉමන්දි බණ්ඩාරගේ සියදිවිනසාගැනීමේ සිද්ධියට දෝෂදර්ශනයට ලක්වූ එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ සවස ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පවුලේ අභ්‍යන්තර ගැටලූ නිසා මානසික ප්‍රශ්න මත සිසුවියගේ දිවිනසාගැනීම සිදුවන්නට ඇති බවටත් එයට සෘජුව තමන් කළ සැරවැර හේතු නොවුණ බවටත් ඩබ්.එම් සමන් ඉන්ද්‍රරත්න නමැති මෙම විදුහල්පතිවරයා විසින් සිද්ධිය සිදුවූ විගස මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඔහුගේ ප්‍රකාශ සනාථ කරවන්නට මනෝ විද්‍යා උපදේශිකාවකද මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණ අතර විදුහල්පතිවරයා අසභ්‍ය වචන කියූ බවක් තමා නොදන්නා බවද එම උපදේශිකාවඒ දිනවල බීබීසිය ආදී විදෙස් මාධ්‍ය වෙත කියා තිබුණා.

නමුත් පසුව දැනගන්නට ලැබුනේ මානසික උපදේශනයට යොමුකර තිබුණ බවට විදුහල්පතිවරයාම කරුණු දක්වන මියගිය වෙනූෂාව විදුහල්පතිවරයා විසින් එම පිළියමට නොගැළපෙන ලෙස අවස්ථා දෙකකදී දැඩි ලෙස අවමානයට පත් කර ඇති බවකි. එකක් සිදුව තිබුනේ විදුහලේ උදෑසන ප්‍රසිද්ධ රැස්වීමේදීය. ඇය කොල්ලෙකු සමග ෆිල්ම් එකක් බැලු බවට චෝදනා කර ප්‍රසිද්ධ රැස්වීමේ වේදිකාවට කැඳවීමට කටයුතු කළ විදුහල්පතිවරයා එවැනි දේවල් කර නැවත හසු නොවන ලෙස ඇය අවමානයට පත්කර බැණවැදී තිබුනේ පාසලේ ගුරුභවතුන් සිසුදරුවන් විශාල පිරිසක් ඉදිරිපිටය.

ඔබාමා නඩත්තු කරන්න යන්නේ මහින්ද රාජපක්‍ෂට යන මුදලින් 1/4යි

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නඩත්තු කිරීමට වඩා වැඩි මුදලක් ශ‍්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නඩත්තු කිරීමට වැය වන බව ජප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. මතුගම ප‍්‍රදේහයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීවේය.

’මට පාර්ලිමේන්තුවේ හිටපු ටික කාලෙදීමට ඇහිලා තියනවා සමහර මැති ඇමතිවරු කියනවා අපි නම් අපේ එවුන් ගම්වල අන්දගෙන ඉවරයි කියලා.ඔවුන්ගේ වත්තෙන් කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් කාලා ජීවත් වෙනවා. මේ රටේ දුෂිත පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව හැමදාම මේ විදිහට ජීවත් වුණාම ඇති කියලයි.

ඇමෙරිකාවේ ජනාධිපතිව නඩත්තු කරන්න වියදම් කරන්නේ අපේ රටේ පාලකයව නඩත්තු කරන මුදලින් හතරෙන් එකකටත් අඩු මුදලකුයි. ඇමෙරිකාවේ ජනාධිපතිටත් නැති තරම් ආරක්ෂක භටයෝ, පොලීසිය යුද්ධයක් නැති අපේ රටේ පාලකයට දාලා තියනවා.යුද්ධය අවසන් කළ මට ඉන්නේ පොලිසියෙන් දාහත් (17) දෙනෙක් විතරයි. වර්ෂයකට කෝටි අටසිය පනහක් (850) රටේ පාලකයගේ නඩත්තුවට වැය වෙනවා. දවසකට ලක්ෂ දෙසිය පනහයි. නමුත් ලෝකේ මොනම රටකවත් මේ තරම් විශාල මුදලක් වැය කරන්නේ නැහැ’

කාමයේ වරදවා හැසිරුණු පකිස්ථාන යුවළක් ගල් ගසා මරා දැමේ - Pakistani couple stoned to death for adultery

කාම මිථ්‍යාචාරයේ යෙදුණු පකිස්ථාන යුවළක් ගල් ගසා මරා දමා තිබේ.මෙම සිදුවීම වාර්තා වන්නේ, පකිස්ථානයේ බැලුචිස්ථාන් පළාතේ දුෂ්කර ප්‍රදේශයකිනි.

බැලුචිස්ථාන්හි පළාත් අමාත්‍ය සෆ්රාස් භූටි පවසන්නේ, අදාළ යුවළ වෙනත් පුද්ගලයින් සමග විවාහ වී සිටි 30 හැවිරිදි වියේ පසුවූවන් බව ය.මෙම ගල් ගසා මරා දැමීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ පියා, ඇගේ සොහොයුරා, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියා සහ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, පූජකවරයෙකු ද වන බව බැලුචිස්ථාන්හි පළාත් අමාත්‍යවරයා පැවසීය.ඔහු පෙන්වා දුන්නේ, ගල් ගසා මරා දැමීම ලජ්ජාසහගත ක්‍රියාවක් බව ය.මේ හේතුවෙන්, අදාළ විත්තිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේ ය.මෙවැනි අමානුෂික දඬුවම් පකිස්ථානයේ දුෂ්කර ප්‍රදේශවල බහුල ලෙස සිදුවන බව වාර්තා වී තිබේ.

මම දේශපාලවට ආවේ රජගෙදර බේබිලා නිසා ලේ රත් වෙලා - Nadeesha Hemamali

තමන් දේශපාලනයට පැමිණියේ රජගෙදර බේබිලා නිසා ලේ රත්වීමෙන් යයි දකුණු පළාත් සභාව සඳහා එජාපයෙන් තරඟ වදින රංගන ශිල්පිනී නදීශා හේමමාලී මෙනවිය පවසයි.ඇයගේ පක්ෂ කාර්යාලය මාතර ඉසදින් නගරයේ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මෙසේද කීය.

‘ජීවිතයට තියෙන ආදරය නිසා කටවහගෙන ඉන්න වෙලා.හෘද සාක්ෂියට එකගව කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපේ රසිකයන්ගේ දුක් වි`දින හිත් වලට කලාකාරයෝ විදිහට අපි හිනා වෙලා පුංචි වෙලාවකට හරි සන්තෝසයක් එකතු කරන්න උත්සාහ කළත් අපේ ජීවිත වලට මේ ආණ්ඩුව නිසා උරුම වෙච්ච දුක, කලකිරීම් සහ වේදනාව නිසාම අපි ළ`ග ඉතුරු වෙලා තිබ්බ හිනාවත් මැකිලා ගියා.

විශේෂයෙන්ම දේශපාලන භේදයකින් තොරවම මේ රටේ තරුණ තරුණියන්ගෙන් සියයට අනූ පහකටම ජීවිතේ කොහොමද පටන් ගන්නෙ.කියන ප‍්‍රශ්නෙට හරිහමන් උත්තරයක් නැහැඒත් රජගෙදර බේබිලාගේ තාරුණ්‍යට නම් හෙටක් උදාවෙලා තියනවා.

වනාතමුල්ලේ පැහැරගැනීමට ලක්වූ සුනිල් කියන කතාව

"වනාතේ සුනිල් ආරක්ෂාව ඉල්ලයි"
වනාතමුල්ල නිවාස අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ අතර එහිදී එයට විරුද්ධ හඬක් නැගු එම පුදේශයේ ජීවත්වන සමරධීර සුනිල් නැමැත්තා පැහැරගනීමකටද ලක්විය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය. එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් නැමැත්තා සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරන ලද අතර වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු - සුනිල් වටගල මහතාද මතුවී තිබෙන තත්වය පැහැදිලි කළේය. කෙසේවෙතත් වනාතමුල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැර ගැනීමට ලක්වූ බව කියන සුනිල් නමැත්තා කියා සිටියේ තම ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් රජය ඊට වගකිව යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ පැහැරගැනීමට ලක්වූ සරධීර සුනිල් ප්‍රකාශ කල අදහස් පහත දැක්වේ.

"වනාතමුල්ල නිවාස සමිතියේ මම ඉන්නවා..අපේ නිවාස වෙනුවෙන් අපි කතා කරා..අපිට ප්‍රශ්න ගොඩක් තියෙද්දී ආරක්ෂක ලේකම් තුමා අපේ බිල්ඩින් එකට ආවා..මම ඒ වෙලාවේ කඩයප්පන් තබන තැනක හිටියේ..ප්‍රසාද් කියන එක්කෙනයි බ්‍රිගේඩියර් නුයි මාව ඈත ඉදන්ම පෙන්නුවා..පෙන්නුවට පස්සේ මගේ නිවාස පැත්තට ආවා..

ගැහැණුන්ට හඳට වුණත් යන්න පුලුවන්- Geetha Kumarasinghe

"ගාල්ලේ මහ ඇමැති අපේක්ෂක මම"
“දකුණු පළාත් සභාවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ මහ ඇමැතිකමට මම තරග කරනවා. කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ.හඳට යන්න වුණත් හැකියි. ඕනෑම අභියෝගයක් භාරගෙන පිළිවලට, පියකරුව, පැහැදිළිව සිදු කරන්න හැකියාවක් කාන්තාවට තියෙනවා”ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

‘දකුණු පළාතේ රෝහල්වල අද ලෙඞ්ඩු නෑ. ඉන්නේ කම්කරුවෝ සහ සේවකයෝ. පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ හිතවත්කම මතයි සෞඛ්‍ය සේවා කම්කරු රස්සා දෙන්නේ.ඒ නිසා තමයි මම කියන්නේ දකුණු පළාතේ රෝහල්වල දැන් රෝගින්ට වඩා සිටින්නේ කම්කරු සෞඛ්‍ය සේවකයන් කියලා.ඒ අයගේ හිතවතුන්ට රස්සා දීලා හොරෙන් ජන්ද ටික බා ගන්නවා.

මම කැමැතිම වුණේ නැහැ පළාත් සභාවට ජන්දය ඉල්ලන්න. මම කැමැති නෑ පළා බබෙක් වෙන්න. නමුත් ජනාධිපතිතුමා කීවා ඔන්න අවස්ථාවක් තියෙනවා. යන්න ගිහිල්ලා පළාත් සභාවේ වැඩ කරන්න.ජන්දය ඉල්ලන්න කියලා. මහ ඇමැති නියෝජිත අපේක්ෂකයා වශයෙන් ඉල්ලන්න මට දැන් අවස්ථාවක් ලැබිලා තියනවා.’ යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


Gossip Lanka Hot News Previous News Archive