බටහිර කෙන්යාවේ, වික්ටෝරියා ජලාශය තුළ ධීවර බෝට්ටු එකිනෙක හැපෙමින් පොරකන්නේ අලූයම අල්ලාගත් තම මාළු ඵලදාව විකුණා ගැනීම සඳහා ඉඩක් සකසා ගැනීමටය.දැඩි හිරු රැස් මධ්‍යයේ ධීවරයන් තරගයට මෙන් කේවල් කරන්නේ මාළු මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටින මාළු වෙළෙන්ඳන්ය. ඔවුන් බහුතරය කාන්තාවන්ය. වෙළෙඳ පොළේදී ඉතා සුළු ලාභයක් සහිතව ධීවරයන්ගෙන් ලබාගත් මාළු ටික අලෙවි කරගැනීම මේ මාළු වෙළෙන්ඳියන්ගේ එකම බලාපොරොත්තුවය.
අප මේ කතා කරන්නේ කෙන්යාවේ අතිශය දුගී පළාතක් ගැනය. කෙසේ වෙතත් ධීවරයන් හා මාළු වෙළෙන්ඳියන් අතර සිදුවන මාළු ගනුදෙනුවේ මූල්‍යමය හුවමාරුවක් සිදුවන්නේ නම් ඒ ඉතා කලාතුරකින් බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ මාළු ගනුදෙනුවේ මුදල සෙක්ස් ය. එනම්, ඔවුන් ධීවරයන්ගෙන් මාළු ලබාගැනීමේදී වැඩි වාසියක් ගැනීමට විකුණන්නේ තම පතිවතය.
කතා ව්‍යවහාරයේදී මේ මාළු වෙළෙඳාම හැඳින්වෙන්නෙ මාළුවලට සෙක්ස් (sex for fish) හෙවත්, ඔවුන්ගේ ප්‍රාදේශීය භාෂාව වන ලූ ඕ භාෂාවෙන් (ජබෝයා) යනුවෙන්ය.






