ඉන්දියාවේ තමිල්නාඩු රජය විසින් රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් තිදෙනාට නිදහස ලබාදීමට තීරණය කර තිබේ.
ඊයේ(18) දිනයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුරුගන්,ශාන්තන්,පෙරරිවාලන් යන වරදකරුවන් තිදෙනාට පනවා තිබුණු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස ලිහිල් කර තිබුණි.ඉන්දීය ව්‍යවස්ථාවට අනුව මරණ දඬුවම ඉවත් කිරීමෙන් පසුව එවැනි සිරකරුවන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙයි.
ඒ අනුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය විසින් අද(19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අදාළ තීරණය ගෙන තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.1991 මැයි මස 21 වන දින හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.







