සමහරු කියනවා මගේ ලස්සනට ඡන්දෙ දෙනවා කියා.... එහෙම කරන්න එපා. ලස්සනට හැඩි දැඩි සිරුරට පසුගිය කාලේ ඡන්දෙ දිලා වෙච්ච දේවල් අමතක කරන්න එපා. මගේ දක්ෂකම අගය කර එයින් වටිනාකමක් ගන්න ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න යැයි නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ප්‍රකාශ කළාය.
ඇය එසේ ප්‍රකාශ කළේ කොටිකාවත්ත චතුමී හෝටලයේ ඉකුත් 19 වැනි දින රාත්‍රි පැවැති විශේෂ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමිනි.
නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙසේද කීවාය.
සමහරු මට මැඩම් කියනවා, මිස් කියනවා.... මම එහෙම අමතනවාට කැමැති නෑ... මම තාම පොඩි ළමයෙක් ඔයාලා මට දුවේ කියා අමතන්න. ඒක මට හොඳටම ප්‍රමාණවත්. මගේ පියා ඝාතනයට ලක්වන තුරුම ජනතාව ඇමැතුවේ ලකී අයියා කියා. එතුමාට කවුරුත් වෙන නමක් කීවේ නෑ. මටත් එහෙම අමතන්න.මගේ පියා මරණයට පත්වුණු දිනයේත් මම ඔහුගේ ඇකයේ සිටියේ. දුවේ උකුලෙන් බහින්න කියන විට මම ඇහැව්වා ඇයි මගේ තාත්තට මාව දැන් බර වැඩිද කියා. මගේ සෙවණැල්ල වන් මගේ පියා මට අහිමි කළ අයට ජනතාව පසුගිය දවසක හොඳ පිළිතුරක් දුන්නා. ඉදිරියේදී ඊටත් වඩා හොඳ පිළිතුරක් ලබා දේවි.







