පෙරේදා රාත‍්‍රියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනකු සුළු පැමිණිල්ලකට එම ප‍්‍රදේශයේ නිවසකට බීමතින් ගොස් සැකකාර පුද්ගලයාට අමානුෂික ලෙස පහරදෙමින් අත්අඩංගුවට ගන්නට යාමේදී ඇතිවූ කම්පනය නිසා එම පුද්ගලයාගේ මව හදිසියේ මියයාමේ සිද්ධියක් වාර්තා වුණා.
නිවෙසක පිටුපස දොර කඩා බලහත්කාරයෙන් ඇතුළු වී එම පුද්ගලයාට දොර පොල්ලකින් පහර දීමේදී, එම සිද්ධිය දැකීමෙන් ඇති වූ කම්පනයෙන් අවුරුදු පනහක් වයසැති අදාළ පුද්ගලයාගේ මව පපුවේ අමාරුවක් සෑදී මෙසේ මියගොස් තිබුණා.
මිනුවන්ගොඩ, බොරගොඩවත්තේ පිහිටි මෙම නිවසට පොලිසිය කඩාවැදී ඇත්තේ පෙරේදා අලූයම 2 ට පමණය. ඔවුන් එසේ පැමිණ ඇත්තේ බීමතින් බවද පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.මිනුවන්ගොඩ ක‍්‍රීඩාංගණයකදී පිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධ පැමිණිල්ලකට කට උත්තර ගැනීමට රනිල් ප‍්‍රසාද් නමැති සැකකරු සොයා පොලිසිය මෙම නිවසට පැමිණ ඇත.නිවෙසේ ඉදිරිපස දොරට ගසමින් දොර විවෘත නොකළහොත් වෙඩි තබන බවට තර්ජනය කර තිබුණ මෙම පොලිස් නිලධාරීන් ඉන්පසු පිටුපස දොරට පයින් ගසා නිවෙසට ඇතුළු වී ඒ අසල නිදාගෙන සිටි මියගිය වසන්තා පද්මිණී මහත්මියගේ බාල පුතා වන රනිල් ප‍්‍රසාද්ට දොරට තබා තිබූ පොල්ලකින් සහ සපත්තුවලින් අමානුෂික ලෙස පහර දී ඇත.







