මම තාම පොඩි ළමයෙක් - Hirunika Premachandra

සමහරු කියනවා මගේ ලස්සනට ඡන්දෙ දෙනවා කියා.... එහෙම කරන්න එපා. ලස්සනට හැඩි දැඩි සිරුරට පසුගිය කාලේ ඡන්දෙ දිලා වෙච්ච දේවල් අමතක කරන්න එපා. මගේ දක්‍ෂකම අගය කර එයින් වටිනාකමක් ගන්න ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න යැයි නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ කොටිකාවත්ත චතුමී හෝටලයේ ඉකුත් 19 වැනි දින රාත්‍රි පැවැති විශේෂ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.
නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙසේද කීවාය.

සමහරු මට මැඩම් කියනවා, මිස් කියනවා.... මම එහෙම අමතනවාට කැමැති නෑ... මම තාම පොඩි ළමයෙක් ඔයාලා මට දුවේ කියා අමතන්න. ඒක මට හොඳටම ප්‍රමාණවත්. මගේ පියා ඝාතනයට ලක්වන තුරුම ජනතාව ඇමැතුවේ ලකී අයියා කියා. එතුමාට කවුරුත් වෙන නමක් කීවේ නෑ. මටත් එහෙම අමතන්න.මගේ පියා මරණයට පත්වුණු දිනයේත් මම ඔහුගේ ඇකයේ සිටියේ. දුවේ උකුලෙන් බහින්න කියන විට මම ඇහැව්වා ඇයි මගේ තාත්තට මාව දැන් බර වැඩිද කියා. මගේ සෙවණැල්ල වන් මගේ පියා මට අහිමි කළ අයට ජනතාව පසුගිය දවසක හොඳ පිළිතුරක් දුන්නා. ඉදිරියේදී ඊටත් වඩා හොඳ පිළිතුරක් ලබා දේවි.

මර්වින් සිල්වා බොරැල්ල කනත්තේ තමන්ගේ මිනී වළ කපා තියයි - Mervyn Silva’s Grave Ready

මම බොරැල්ලේ සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගත්තා. සල්ලිත් බැදලා ඉවරයි. තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා. මම කොට නිසා කොට සොහොන් කොතකුත් හදනවා. එදාට මම කාට කාටත් ආරාධනා කරනවා.මේ අපූරු කතාව පැවසුව් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතාය.

මර්වින් ඇමතිවයා එසේ පැවසුවේ කැලණිය ශ‍්‍රී උපුල්වන් විශ්ණු දේවාල භූමියේ පැවති ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබද කැලණිය ජනතාව දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදීය.මර්වින් ඇමතිවරයා තවත් අපූරු හෙළි කිරීම් කීපයක් සමග මෙහිදී ජනතාව දැනුවත් කිරීමක් කළේය.

මම ඉන්දියාවේ ප‍්‍රබල ශාස්ත‍්‍රකරුවෙකුගෙන් දැනගෙන තිබුණා ශ‍්‍රී ලංකා භූමියේ විෂ්ණු දේවාලයක් ඉදි කළොත් යුද්ධය නිමවෙන බව. එවන් දේවාලයක් දකින්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පින තිබුණා. එම දේවාලය සෑදීමේ ශක්තිය, ධෛර්ය හා වාසනාව මට ඇති බවත් පවසා තිබුණා. හැබැයි මට කරදර සිදුවෙන බවත් පවසා තිබුණා. දේවාලය සෑදුවා යුද්ධය අවසන් වුණා. මට කරදර ඇති වුණා.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට - Sri Lanka beat Bangladesh by 61 runs to win series

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් වැඩි ලකුණු 61 න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබේ.අද ඩකාහි පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී නියමිත පන්දුවාර පනහ තුළ ලකුණු 289 ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 17 වන ශතකය වාර්තා කළ අතර ප්‍රියංජන් ලකුණු 60ක් ද, ඇංජලෝ මැතිව්ස් ලකුණු 56ක්ද එහිදී ලබා ගන්නා ලදී.කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනාම දැවී පන්දුවාර 43 ක් තුළ ලබාගත හැකිවූයේ ලකුණු 228 ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවූ අතර තරඟාවලියද 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

Sri Lanka registered a brilliant 61-run victory over Bangladesh to win the second ODI to seal the three-ODI series in Shere Bangla National Stadium, Mirpur.

අසීරු දරු ප්‍රසූති පහසු කිරීමට උපකරණයක් - Device to help women during difficult births

ස්වාභාවික දරු උපත් සිදුවන අවස්ථාවලදී සමහර විට දරු ප්‍රසූතිය අසීරුවන අවස්ථාද දැකගත හැකියි. අසීරු දරු ප්‍රසූති පහසු කිරීමට විවිධ ක්‍රම හා උපකරණ කලින් කලට විද්‍යාව විසින් ලොවට දායාද කරයි.

එවැනි එක් නිපදවීමක් ආජන්ටිනාවේ මොටර් රථ කාර්මික ශිල්පියෙකු වන ජෝර්ජ් ඩඩොන් විසින් ලොවට ඉදිරිපත් කර තිබේ. 2005 වර්ෂයේ ඔහුගේ සිතට ඇතුළු වූ අදහස් මත මෙම උපකරණය යථාර්ථයක් බවට පත්කර, මේ වනවිට සාර්ථක දරු උපත් සිය ගණනක් සිදුකරන්නට උපකාර ලබාදීමට එයට හැකි වී තිබේ. වීදුරු බෝතලයක් තුළට වැටුණු කිරල ඇබයක් ඉවතට ගැනීමට යොදාගන්නා ක්‍රමයක් දරු උපතක් පහසුකිරීමට යොදාගත හැකි බවට ඔහුගේ සිතට ආ සිතුවිලි මෙලෙස බිඩෝම් විසින් යථාර්ථයක් බවට පත්කර තිබේ.

මවකගේ යෝනි විවරයෙන් ඇතුළු කරන ඝන පොලිතීනයකට හුළං යවා, උපත් මාර්ගයේ සිරවී සිටින දරුවාගේ හිස ආවරණය වන ලෙස පොලිතීනය සකස්කර දරුවා ඉවතට ඇදීම මෙයින් සිදුකෙරේ. අඬු ප්‍රසූතියකදී දරුවාගේ හිසට අඬු දමා ඇදීම තුළින් සිදුවන හානි මෙයින් අවම කරගත හැකිය.

‘වට්ස් ඇප්’, ‘ෆේස්බුක්’ යටතට - Facebook buys WhatsApp

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවාවක් වන ‘වට්ස් ඇප්’ සේවාව මිලදී ගැනීමට ‘ෆේස්බුක්’ සමාගම කටයුතු කර තිබේ.

වට්ස් ඇප් සේවාව මිලදීගැනීම වෙනුවෙන් ෆේස්බුක් සමාගම විසින් ගෙවීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19 කි. එසේම ෆේස්බුක් සමාගම විසින් වෙනත් සමාගමක් අත්කරගැනීම සඳහා යොමු වූ විශාලතම ගනුදෙනුවද මෙයයි


Facebook has bought messaging app WhatsApp in a deal worth a total of $19bn (£11.4bn) in cash and shares.It is the social networking giant's biggest acquisition to date.The deal to buy it includes $4bn in cash and approximately $12 billion worth of Facebook shares, plus an additional $3 billion in stock to WhatsApp's founders and employees at a later date.

Facebook පෙමක් නිසා තවත් තරුණියක් දිවිනසා ගනී - Facebook 'love' ends in tragedy

"ෆේස් බුක් නිසා දිවිනසාගත් ඇල්පිටියේ දිනේෂා"
තමන්ගේ ඇත්ත රූපය වෙනුවට වෙනත් සුරූපී තරුණියකගේ රූපයක් යොදාගෙන ෆේස් බුක් ඔස්සේ පෙනී සිටි උසස් පෙළ සිසුවියක තරුණයෙකු සමග මාස හයක පමණ කාලයක් තිස්සේ එම ව්‍යාජ රූපයෙන්ම ආදර සබඳතාවයක් පවත්වා ගොස් තරුණයා පවුලේ අය සමග විවාහය ගැන කථා කරන්නට නිවසට ආ වෙලාවේ ඇත්ත එළිවී ලජ්ජාවට පත්වීම නිසා ඇතිවූ කලකිරීමෙන් සියදිවි හානි කරගත් සිදුවීමක් ගාල්ල ඇල්පිටිය පිටිගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ෆේස් බුක් ප‍්‍රශ්නයකට මැදිව කුරුණෑගල වෙනුෂා මියගොස් දින කිහිපයක් ඇතුළත තවත් එවැනිම සංසිද්ධියක් වාර්තාවීම කණගාටුදායකය.මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි දිනේෂා නිලක්ෂි නමැති තරුණියකි. ඇය ගාල්ලේ ලබුව සිරිධම්ම විද්‍යාලයේ පසුගිය වසරේ උසස් පෙළට පෙනී සිට යළි දෙවන වතාවටත් විභාගයට ලිවීමට සූදානම් වෙමින් නිවසේ සිටි තරුණියකි.

පාසල් ගමන නිමකර නිවසේ වැඩි කාලයක් ගත කළ ඇය ෆේස් බුක්හි දවස පුරා සැරිසරමින් සිටි බවත් ඒ සඳහා බොහෝ විට පරිගණකයක් නොව ජංගම දුරකථනයක් උපයෝගී කරගත් බවත් කියැවුණා.

ජයලලිතාගෙන් රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන්ට නිදහස - TN govt to set free all Rajiv Gandhi killers

ඉන්දියාවේ තමිල්නාඩු රජය විසින් රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් තිදෙනාට නිදහස ලබාදීමට තීරණය කර තිබේ.

ඊයේ(18) දිනයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුරුගන්,ශාන්තන්,පෙරරිවාලන් යන වරදකරුවන් තිදෙනාට පනවා තිබුණු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස ලිහිල් කර තිබුණි.ඉන්දීය ව්‍යවස්ථාවට අනුව මරණ දඬුවම ඉවත් කිරීමෙන් පසුව එවැනි සිරකරුවන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙයි.

ඒ අනුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය විසින් අද(19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අදාළ තීරණය ගෙන තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.1991 මැයි මස 21 වන දින හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

සිංහල කාන්තාවන් වඳ කරන්න බෙහෙතක් සූදුරුවලට කලවම්කර වෙළඳපලේ

සිංහල මිනිසුන් වැඩිපුර භාණ්ඩ මිලදී ගන්නා ප‍්‍රදේශවල සූදුරු සමග සත කුප්ප නැමති ඖෂධය මිශ‍්‍රකර වෙළද පොළේ අලෙවිය සදහා යොමු කර ඇති බවත් ඒවා ආහාරයට ගැනීමෙන් කාන්තාවන් වඳභාවයට පත්වීමේ බරපතළ අවදානමක් මතුව තිබෙන බවත් දේශීය වෛද්‍ය අමාත්‍යංශ පවසයි.

ආයුර්වේදය තුළ ගර්භාෂ ගත රෝග සදහා ලබා දෙන ඖෂධ සදහා සූදුරුවලට සමාන මෙම ෂතකුප්පි නම් ඖෂධය සූදුරු සමඟ මිශ‍්‍ර කරමින් අලෙවියට තබා ඇත්තේ ඒවායේ මිල ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් විය හැකි යැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

සූදුරුවලට වඩා දිගින් අඩු හා මහතකින් වැඩි තිත්ත රසයකින් යුක්ත මෙම ඖෂදය සූදුරු හා මිශ‍්‍ර කර කබලේ බැද ගැනීමෙන් ආහාරයට ගතහැකි වන අතර එහිදී එහි වෙනසක් දක්නට නොලැබෙන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive