තරුණියක් කෙලෙසා-ඇගේ නිවෙසේ බඩුත් විකුණා-නිවෙසත් කුලියට දී පැන ගිහින් !

කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වන දුම්රියේ පැමිණි තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇය රවටා ඇගේ නිවෙසේ තිබූ දේපළ සියල්ල විකුණා, ඇය පදිංචිව සිටි නිවෙස වෙනත් පුද්ගලයකුට කුලියට දී ඇති යුද හමුදාවෙන් නෙරපූ සෙබළකු අනුරාධපුර කොට්ඨාස පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ඇතිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (20දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු විසින් අනුරාධපුර දෙවැනි පියවරේ පිහිටි තරුණියගේ නිවෙසින් සොරකම් කර, අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට විකුණු­ වටිනා සෝපාවක්, ඇඳන් තුනක්, ප්ලාස්ටික් පුටු 6ක්, එල්.සී.ඩී. රූපවාහිනියක්, රයිස් කුකර් එකක්, විදුලි පංකා 4ක්, කණ්ණාඩි මේසයක් සහ ඊට අමතරව සැකකරු වෙනත් පුද්ගලයන්ගෙන් සොරකම් කළ වටිනා ජංගම දුරකතන 6ක් සහ රන් මාලයක්ද පොලිසිය සොයාගෙන ඇත.

සැකකරු මීට මාස 4කට පමණ ඉහතදී තරුණිය සමඟ දුම්රියෙන් අනුරාධපුරයට පැමිණ ඇති අතර පැමිණෙන අතරතුරදී පෙම්වතුන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඉන් අනතුරුව දෙදෙනා හොඳින් දැන හඳුනාගෙන නිවෙස්වලට ගොස් ඇති බව පොලිසිය පවසයි. මීට දින කිහිපයකට ඉහතදී සැකකරු තරුණියගේ මවුපියනුත් සමඟ පොළොන්නරුවේ පිහිටි ඥාති නිවෙසකට ගොස් ඇති අතර නිවෙසේ යතුර සැකකරු ළඟ තබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

රංගන ශිල්පිනියක් වීමට පෙර පින් තියෙන්න ඕන - Udari Warnakulasooriya

උදාරි වර්ණකුලසූරිය ඉතාම කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිණි පෙත්තට ම නැගි රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේදී රංගනයෙන් ඉවත්වී සිටියේ ඇය මවු පදවියට උරුමකම් කී නිසයි. උදාරි මේ දිනවල නැවත කාර්ය බහුල වී සිටින්නේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කීපයකම රූපගතකිරීම්වලට දායක වී සිටින නිසයි. අප උදාරිව එක්කර ගන්නේ ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටයි.

උදාරි, මොනවද අලුත් තොරතුරු?

හොඳින් ඉන්නවා. අවුරුදු දෙකකට පසුව මම ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා. නිල්වලා ආයතනය නිෂ්පාදනය කරන ‘ආදර දෑසක්’ ටෙලිනාට්‍යයේ මුල් කොටස්වල රූපගතකිරීම් වලට පසුගිය දවස්වල සහභාගි වුණා. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජකරුණා.

ඔබ සෑහෙන කාලයකට පස්සෙ නේද ආයේ රඟපාන්න ආවේ?

ඔව් අවුරුදු 2 ක් විතර මම රංගනයෙන් ඉවත්වෙලා හිටියේ දුව ලැබෙන්න සිටි නිසා. දැන් දුවට අවුරුද්දයි මාස 8 යි.

වසර 15 කට පසුව මහේල, සංගක්කාර හෝ ඩිල්ෂාන් නොමැති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක්

"තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න"
වසර 15කට අසන්න කාලයකට පසුව මහේල ජයවර්ධන, කුමර් සංගක්කාර හෝ ටී.එම්. ඩිල්ෂාන් නොමැතිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. බංග්ලාදේශය සමග හෙට(පෙබරවාරි 22) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට මුහුණ දෙන කණ්ඩායමට මෙම ක්‍රීඩකයන් තිදෙනාම එක් නොවනු ඇතැයි පැවසේ.
 මහේල ජයවර්ධන තරගාවලිය ආරම්භයේ දී ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඩිල්ෂාන්ද අතෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් නැවත පැමිණියේය. දෙවැනි එක්දින තරගයේ දී ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

මේ අනුව 1999 මැයි මස 14 වැනිදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් පසුව හෙට තරගයේ දී මහේල, සංගා සහ ඩිල්ෂාන් නොමැතිව ශ්‍රී ලංකාව පිටියට පිවිසෙයි. මේ තිදෙනා වෙනුවෙන් ආදේශ වනු ඇත්තේ ළහිරු තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන් සහ කිත්රුවන් විතානගේය. 

මහේල (තරග 407, ලකුණු 11401, ශතක 16), සංගක්කාර (තරග 364, ලකුණු 12252, ශතක17) සහ ඩිල්ෂාන් (තරග 277, ලකුණු 8025,ශතක17) තිදෙනා ගේ එක්දින අත්දැකීම් කැටි කළහොත් එය තරග 1048 කදී ලකුණු 31678 ක් ලෙස දැක්විය හැකිය. තිදෙනගේ එක්දින ශතක ප්‍රමාණය 50 කි. මේ තිදෙනා නොමැතිව හෙට තරග කරන ශ්‍රී ලංකා තරුණයන් අතර එක්දින ජාත්‍යන්තර ශතක ලබා ඇත්තේ දිනේෂ් චන්දිමාල් (02) සහ ළහිරු තිරිමාන්න (01) පමණි.

වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි…Current Chronic Kidney Disease Epidemic

විසි වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික විද්‍යාඥයන්ට හැකි වී ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක් වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක් වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.kidn-02

මේ සම්බන්ධ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශනය ස්විට්සර්ලන්තයේ පලවන International journal of Environmental Research and Public Health සගරාවේ පල වී ඇත. මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝගාබාධයක් පිළිබද ශ්‍රී ලාංකිකයකු සිදු කල පැහැදිලි කිරීමක් අන්තර්ජාතිකව පිලි ගත් විද්‍යා සගරාවක පල වන පළමු අවස්ථාව ද මෙය වේ.

ඉතාලියේ කොල්ලකෑම් කරන ලංකාවේ ගැන් එක මාට්ටු - Lankan Robber gang arrested in Italy

ශ්‍රී ලංකාවෙන් ඉතාලියට සංක්‍රමණය වී මැර ක්‍රියාවල යෙදුනු ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලියේ මෙස්සිනා නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මුල් කොටගෙන කණ්ඩායම් කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් නිසා මෙම පිරිස අත් අඩංගුවට පත්ව තිබේ.

2011 වසරේ සිට පැවති මෙම ආරවුල ගැන අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර පහරදීම, බියවැද්දීම, මංකොල්ලකෑම වැනි කි්‍රයා මොවුන් විසින් මෙම කාල සීමාව තුලදී සිදුකර තිබේ.පෞද්ගලික ආරවුලකින් ආරම්භ වූ මැර ක්‍රියාවලින් පසුව මෙම කණ්ඩායම මෙස්සිනා නගරයම භීතියට පත්කරවන මැර කණ්ඩායමක් බවට වර්ධනය වී ඇත.

දුරකථනයෙන් නිරුවත වීඩියෝ කර පෙම්වතිය අමාරුවේ වැටුණු හැටි

ආදරය යනු එකිනෙකා තේරුම් ගැනීම සහ විශ්වාසය කියලයි සමාජයේ මතය වී ඇත්තේ. නමුත් එම සමාජයේම සිටින පෙම්වතුන් එය වචනයකට පමණක් දැන් දැන් සීමා කරමින් සිටිනවා. ඊට හේතුව වී ඇත්තේ පේ‍්‍රමයට වඩා තම බාල අවශ්‍යතා ඉටු කර ගැනීමයි. මේ හේතුවෙන් ඉහත අප කී සමාජයේ මතයන් දෙක බිඳීමට ලක්වීමයි. 

සිය බාල අවශ්‍යතාවය ඉටුකර ගැනීම අරමුණින් සිය පාසල් පෙම්වතියගේ ආත්ම ගරුත්වය ද ගැන නොසිතා ඇගේ නිරුවත ඡායාරූප සහ වීඩියෝ ගත කළ පාසල් පෙම්වෙතකු පිළිබඳව අපට වාර්තා වුණා.මේ වන විට වාර්තා වී ඇති ආකාරයට අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ මේ ආකාරයටය.

අදාළ සිසුවිය සමග පෙම් සබඳතාවයක් පවත්වාගෙන යමින් සිටි පාසල් සිසුවෙකු ඔහුගේ මව අසනීපව සිටින බව පවසා ඇයට ආවතේව කිරීමට යැයි කියමින් එම සිසුවිය ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇය සමග ලිංගික සබඳතාවයක් පවත්වා තිබෙනවා.එසේ ලිංගිකව හැසිරීමේදී අදාළ පාසල් සිසුවා එම සිදුවීම ඔහු සතු ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සහ ඡායාරූප ගත කර ඇති බවයි වාර්තා වන්නේ.අනතුරුව ඇයට ලිංගික සබඳතාවක් පැවැත්වීමට ඉල්ලීම් කර ඇති බවත්, ඇය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු සතු වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු විසින් ඇයට තර්ජනය කර තිබෙනවා.

පොලිසිය පුතාට දොර පොල්ලෙන් පහරදෙද්දී කම්පනයට පත් මව මියයයි

Death of woman after Minuwangoda police raid – officers interdicted
පෙරේදා රාත‍්‍රියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනකු සුළු පැමිණිල්ලකට එම ප‍්‍රදේශයේ නිවසකට බීමතින් ගොස් සැකකාර පුද්ගලයාට අමානුෂික ලෙස පහරදෙමින් අත්අඩංගුවට ගන්නට යාමේදී ඇතිවූ කම්පනය නිසා එම පුද්ගලයාගේ මව හදිසියේ මියයාමේ සිද්ධියක් වාර්තා වුණා.

නිවෙසක පිටුපස දොර කඩා බලහත්කාරයෙන් ඇතුළු වී එම පුද්ගලයාට දොර පොල්ලකින් පහර දීමේදී, එම සිද්ධිය දැකීමෙන් ඇති වූ කම්පනයෙන් අවුරුදු පනහක් වයසැති අදාළ පුද්ගලයාගේ මව පපුවේ අමාරුවක් සෑදී මෙසේ මියගොස් තිබුණා.

මිනුවන්ගොඩ, බොරගොඩවත්තේ පිහිටි මෙම නිවසට පොලිසිය කඩාවැදී ඇත්තේ පෙරේදා අලූයම 2 ට පමණය. ඔවුන් එසේ පැමිණ ඇත්තේ බීමතින් බවද පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.මිනුවන්ගොඩ ක‍්‍රීඩාංගණයකදී පිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධ පැමිණිල්ලකට කට උත්තර ගැනීමට රනිල් ප‍්‍රසාද් නමැති සැකකරු සොයා පොලිසිය මෙම නිවසට පැමිණ ඇත.නිවෙසේ ඉදිරිපස දොරට ගසමින් දොර විවෘත නොකළහොත් වෙඩි තබන බවට තර්ජනය කර තිබුණ මෙම පොලිස් නිලධාරීන් ඉන්පසු පිටුපස දොරට පයින් ගසා නිවෙසට ඇතුළු වී ඒ අසල නිදාගෙන සිටි මියගිය වසන්තා පද්මිණී මහත්මියගේ බාල පුතා වන රනිල් ප‍්‍රසාද්ට දොරට තබා තිබූ පොල්ලකින් සහ සපත්තුවලින් අමානුෂික ලෙස පහර දී ඇත.

දින 50 ක් ඇතුළත Facebook පැමිණිලි 250ක්

මේ වසරෙහි ගත වූ දින පනහක කාල සීමාව තුළ ෆේස් බුක් සමාජ වබේ අඩවියෙන් විවිධ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධව පැමිණිලි 250ක් ලැබි ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා රිවිරට පැවසීය.

ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පවත්වාගෙන යාම ඊට වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප භාවිත කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිත කර විවිධ පුද්ගලයන් රැවටීම හා අපහාස කිරීම ආදී කරුණු සම්බන්ධව තම සංසදයට පැමිණිලි ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි. නූගත් ආකාරයට ෆ්‍ස් බුක් සමාජ වබේ අඩවිය සහ අන්තර්ජාලය භාවිත කිරීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වන බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වි පාසල් හා ගුරු විද්‍යාලවල විවිධ දේශනද මේ වන විටත් පවත්වමින් සිටින බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.
ෆේස් බුක් සමාජ වබේ අඩවිය සහ අන්තර්ජාලයේ විවිධ අක්‍රමිකතා සිදු වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ හදිසි දුරකථන අංක වන 0112691692 යන අංකයට දන්වන ලෙසද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive