‘ගුරු යකදුරාගේ අපුරු ප්‍රතිකාරයක් ’ Teacher allegedly burnt soles of girl’s feet to drive away evil spirit

යකා වැහුණු ’ දැරියගේ දෙපා පුළුස්සලා
හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ වැඩට ගිය පාසල් සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළුස්සා දැමීම නිසා දැරිය අසරණ වී සිටි.හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී (17) එම සිසුවියයි.

සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසුව ඇයගේ විදුහලේම ඉංග්‍රිසි විෂය ඉගැන්වු ගුරුවරයකුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ඔහු දරුවා බලා ගැනීමට යැයි පවසමිනි. ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත.ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට ගුරුවරයාගේ බිරිය තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.ගුරුවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.

දැරියගේ මව පැවසුයේ දින තුනක් යද්දී දැරියට රෝගයක් වැළදුණු බවයි.පසුව ඇප නුලක් දමා ගැනීමට එම ගුරුවරයාගේ නිවසට ගිය පසු අයට යකෙකු වැසී ඇති බව පවසමින් යකා එළවා දමන බව පවසා පැමිණ සිටි පිරිස ඉවත් කර යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත.

කරණවෑමි පෙම්වතා දැරිය දූෂණය කරලා !

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම පදිංචිකරුවෙකු වන අතර ඔහු නවගත්තේගම ප්‍රදේශයේම බාබර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත. 

අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේය. පාසල් යන අතර තුර දැරිය හා සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් හට ගෙන ඇත. 

දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට සැකකරු තමන්ට අයත් ත්‍රී රෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව දූෂණය කොට ඇත.

වැඩිපුර විටමින් ගන්නා පිරිමින්ටයි ! Some vitamin supplements raise risk of cancer in men, research shows

විටමින් සහ ඛනිජමය පරිපූරකවල බලපෑම් පිළිබඳ සිදුකළ පර්යේෂණයක දී විටමින සහ ඛනිජමය පරිපූරක දෙකක් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඉහළ දමන බව පෙනී යාමත් සමඟ ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පිරිමින්ට අනතුරු ඇඟවී තිබේ.

ඛනිජමය සෙලීනියම් පරිපූරක වශයෙන් පමණ ඉක්මවා ලබාගැනීමේ දී එවැනි දරුණු පිළිකා අවදානමක් ඇතිවීමේ හැකියාව 91% කින් ඉහළ බව මෙහිදී හෙළිදරව් විය. විටමින් E පෙති, ගුලි ආදී වශයෙන් ලබාගැනීමේ දී ද පිළිකා අවදානම ඉහළ ගොස් ඇත්තේ සෙලීනියම් ඌනතාවයෙන් පෙළෙන්නන්ට වඩා දෙගුණයක අවදානමක් පෙන්නුම් කරමිනි.

සිරුර තුළ දී සෙලීනියම් විස සහිත ද්‍රව්‍යයක් බවට හැරීමේ ඉහළ හැකියාව විද්‍යාඥයෝ පිළිගනිති. ඒ සමඟම විටමින් E අධිමාත්‍රාවකින් ලබාගැනීම නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලට එරෙහිව යම් රැකවරණයක් ඛනිජ මගින් ලැබෙන බව ද පෙනී ගොස් තිබේ.විටමින් E සහ සෙලීනියම් සතුව පිළිකා නිවාරණ හැකියාවක් ඇති ද යන්න තහවුරු කරගැනීම සඳහා මේ පර්යේෂණය සිදුවූයේ අමෙරිකාවේ ය. ආරම්භයේ දී පිරිමින්, 35,000ක් ඊට සහභාගි කර ගත් අතර, පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම අවම කිරීමට පරිපූරකවලට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිණි.

පිටකොටුවෙන් අත්අඩංගුවට ගත් සූදුරුවල කාන්තාවන් වඳ කරන සතකුප්ප ! Cumin seeds found to be mixed with abortifacients

කාන්තාවන් වඳභාවයට පත්වීමට සෘජුවම බලපාන සතකුප්ප පිටකොටුවෙන් සොයාගන්නා ලද සූදුරු කිලෝ විසිදෙදහසක අඩංගු බව තාක්ෂණ පර්යේෂණ ආයතන වාර්තාවෙන් හෙළි වී තිබේ.

මේ වාර්තාව ඊයේ පිටවූ අවස්ථාවේ ම රටපුරා අලෙවි වන සූදුරු තොග කඩා වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ. පාකිස්තානයෙන් ආනයනය කරන ලද එම සූදුරු කිලෝ 22,000 පිටකොටුවේ තොග වෙළඳ සැල් ගණනාවකින් සොයාගනු ලැබුණි.

මෙම සුදුරු තොගයේ සතකුප්ප කිලෝ පන්දහසකට වැඩි ප්‍රමාණයක් අඩංගුව ඇතැයි විශ්වාස කෙරේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකි. මෙම සතකුප්ප අඩංගු සූදුරු ආහාරයට ගැනීම නිසා නොදැනුවත්වම කාන්තාවන් වඳභාවයට පත්වීමත් ගැබිනි මවුවරුන්ගේ ගැබ විනාශ වීම සිදුවන බව ආයුර්වේද වෛද්‍යවරු පවසා ඇත.

ලොවටම Wi-Fi Internet නොමිලේ....? Free Wi-Fi to entire world

චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් මුළු ලොවටම නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඇමෙරිකානු සමාගමක් සුදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඇමෙරිකාවේ ලාභ නොලබන සංවිධානයක් වන මීඩියා ඩිවලප්මන්ට් ඉන්වෙස්මන්ට් ෆන්ඩ් (Media Development Investment Fund) මෙලෙස පාලනයකින් සහ වාරණයකින් තොරව නොමිලේ වයිෆයි පහසුකම සැපයීමට නිර්මාණය කරන සේවාව 'අවුටනෙට්' (Outernet) ලෙස හැඳින්වේ.

එම සංවිධානය බලාපොරොත්තුවන්නේ චන්ද්‍රිකා සිය ගණනක් අභ්‍යාවකාශගත කිරීම හරහා ජංගම දුරකථනයක් හෝ පරිඝනකයක් භාවිතා කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය ආකාරයට අනතර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දීමටයි.

ලොව මුළු ජනගහනයෙන් 40%කට පමණ අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාව නොමැති බව පවසන එම සංවිධානය එම තත්වය උදාවී ඇත්තේ උතුරු කොරියාව වැනි දැඩි පාලනයක් සහිත රජයන් නිසා පමණක් නොව දුෂ්කර පළාත් වලට අදාළ සේවාව සැපයීමේදී වැයවන අධික මුදල නිසා බවද සඳන් කරයි.

කටුපොතින් හමුවූ ටයර්සෑයෙන් අවසන් ගමන් ගිය පුද්ගලයාගේ තොරතුරු එළියට එයි


කටුපොත පාලමයට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු එකින් එක මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන බව කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පද්මකුමාර මහතා පවසයි. කුලියාපිටිය කොට්ඨාශයේ අපරාධ පරික්ෂණාගාර නිලධාරින් මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගන්නට කටුපොත පොලිසියට සහය වෙමින් සිටී.

කොටාවිලකන්ද, වඳුරැස්සේගම හරහා කටුපොත මාර්ගයේ නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය අසල ඇල හරහා බැඳ තිබෙන පාලම යට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මෙම මළ සිරුර කටුපොත පොලිසිය විසින් සෙයා ගන්නා ලද්දේ අඟහරුවාදා (25) පාන්දර 6.00 ට පමණය. ඒ ආලෝක රජමහා විහාරාධිපති කඹුරුදෙනියේ ඤානිස්සර හිමියන් දුරකථනයෙන් කළ දැනුම් දීමක් අනුවයි.

ටයර් සහ කුඹුක් ‍දැව මත දැවී තිබූ මළ සිරුර අසල තිබී මියගිය පුද්ගලයාගේ යැයි සැක කරන ජාතික හැඳුනුම්පතක කොටසක් හමු වී තිබේ. එහි ඡායාරූපය සහ අංකය තරමක් පැහැදිලිය. සෙසු කොටස් පිළිස්සී ගොසින් ය. එහි අංකය ජාතික හැඳුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර එමගින් ඝාතනයට ලක් වී සිටින පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගන්නට පියවරගත් බව කටුපොත පොලිස් ස්ථානාධිපති එස්.පද්මකුමාර මහතා පවසයි.

ෆේස්බුක්වලට වැට නොබඳින බව ජනපති ‘ට්විටර්’ තුළින් කියයි - President twitters his views on facebook

තොරතුරු හා සන්නිවේදනය ප‍්‍රචලිත කිරීම සඳහා හැම විටම ක‍්‍රියා කරනආණ්ඩුවක් ලෙස සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අදහසක් හෝ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. මේ අතර ජාතික ළමාරක්‍ෂණ අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පවසන්නේ කිසියම් ව්‍යසනයක් සිදු වූ පසු එහි වරද ෆේස්බුක් හෝ වෙනත් තාක්‍ෂණික මෙවලමකට පැවරිම එකහෙලාම අනුමත කළ නොහැකි බවයි.කළ යුත්තේ දරුවන්ට ලබා දෙන නවීන තාක්‍ෂණික මෙවලම් සම්බන්ධයෙන් මව්පියන් ද දැනුවත්ව සිටීම යැයි ඇය පැවසීය. 

ජීවිතයට එන දුක,සැප,කඳුල ආදී කාරණාවලදී ශක්තිමත්ව මුහුණ දීමට දරුවන්ට කියා දිය යුතු බව පවසන ඇය ශ‍්‍රීලාංකික සම්ප‍්‍රදායන් තුළ ඉතා ඉහලින් අගය කරන ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මේ වනවිට ක‍්‍රමයෙන් පළුඳු වෙමින් තිබෙන බවද කීවාය. 

ගුරුවරුන් අශෝභන ලෙස ශිෂ්‍යයින්ට දඬුවම්කිරිමත්, ගුරුවරයෙකුගේ දඬුවමක් දරාගත නොහැකිව ශිෂ්‍යයන් ගුරුවරුන්ට පහරදුන්අවස්ථා ඉකුත් දිනවල සුලභව වාර්තා වූ බව කියන ඇය ළමුන්ට ආදරය හා ගෞරවය නොදී වැඩිහිටියන්ට පෙරළා ආදරයක් ලබාගත නොහැකි බවද කීවාය. පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය හදිසි සාකච්ඡාවක් ද කැඳවා තිබේ.

තිරිමාන්න මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙති - Malinga five-for cuts Pakistan short


"කලකට පසු මාලිංග වීරයා වෙයි"

ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට ශතකයත් ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඊයේ බංග්ලාදේශයේ ෆටුල්ලාහී ඛාන් සහීබ් ඔස්මන් අලී ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පැවැති දිවා-රාත්‍රි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 296ක් රැස්කළ අතර පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 284ක් පමණි. තරගයේ වීරයා වු ලසිත් මාලිංග පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 බිඳ දැමු අතර ඒ සඳහා ඕවර 2.5කදී ලකුණු 11ක් පමණක් ලබාදීම කැපී පෙනුණි.

ලකුණු 297ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑම ඇරැඹු පාකිස්තාන පිලේ ආරම්භක කඩුලු සබඳතාව ලකුණු 28දී නිමාකිරීමට සුරංග ලක්මාල් සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැකගැනීමෙන් ෂාජිල් ඛාන්ගේ ඉනිම ලකුණු 26කට සීමාවිය.තම මංගල ජාත්‍යන්තර එක්දින කඩුල්ල ලෙස අහමඩ් ෂෙසාඩ් දවාගැනීමට චතුරංග ද සිල්වා සමත්විය. චතුරංග යැවු ඔහුගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව (13.3) කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 28ක් ලබාසිටි ෂෙසාඩ් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

Gossip Lanka Hot News Previous News Archive