හිරගෙදර ඇතුළේ මට ලිංගික හිංසා කරනවා - Sakvithi Ranasinghe

ස්වාමිනී.... මම වසර තුන හතරක කාලයක සිට බන්ධනාගාරගතව සිටිනවා. එහිදී මට ලිංගික හා විවිධ හිංසාවන් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙස මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

කෝටි 105ක මූල්‍ය වංචාවේ සැකකාර සක්විති රණසිංහ නමැත්තා නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඒ බව දන්වා සිටියේ එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවැති නඩුව සිකුරාදා (28දා) නැවැත කැඳවූ අවස්ථාවේදීය.

දකුණත ඔසවා ගෙන විත්ති කූඩුවට නැඟි සක්විති රණසිංහ නමැත්තා අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තමන් මානසික ලෙඩෙක් ලෙස හැඳින්වීම නිසා ඉදිරි නඩු කටයුතුවලට මුහුණදීමට අපහසුතාවක් ඇති වී තිබෙන බවත් තමන් නිදහස් ස්ථානයක රඳවා තබන ලෙසත් තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට රහස් පොලිසිය තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමා එම නඩුවෙන් නිදහස් කර හැරීමට කටයුතු කරන ලෙසත්ය.

බජාජ් රෝද තුන හතරක් වෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ වහනයක් වන "බජාජ් ත්‍රීරෝද " රථය නව මුහුණුවරකින් නිෂ්පාදනය කිරීමට ඉන්දියා මෝටර් රථ නිෂ්පාදන සමාගම සැරැසෙයි.

ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ බජාජ් රථයේ එක මෝස්තරයෙන් පමණක් වුවද රෝද තුනේ වෙනත් මොස්තරයන්ගේ රථ වාහන කිහිපයක්ම වෙළඳ පොළේ ඇත.බජාජ් සමාගම රෝද තුනේ රථය වෙනුවට අලුතෙන් නිෂ්පාදනය කරනුයේ රෝද හතරක වාහනයකි. කෙසේනමුත් එහි එන්ජිමෙහි වෙනසක් සිදුකර නොමැත.

මෙනිසා ඔවුන් කියන්නේ මෙය මෝටර් රථයක් නොවන බවයි. බජාජ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ මෝටර් බයිසිකල් ය.රෝද හතරේ වාහනය සඳහා ද යොදා ගැනෙනුයේ මෝටර් බයිසිකල් එන්ජීමකි.අලුතෙන් නිෂ්පාදනය කරන රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වෙයි. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.

වාහනවල පොත් බණ්ඩල් පිටින් RMV එකෙන් උස්සන 6ක් දැලේ

"එක පොතක් රු. 5000 බැගින් විකුණලා"

"ව්‍යාජව සැකසූ නිල මුද්‍රා රැසකුත් අත්අඩංගුවට"
"වාහන මිල දී ගැනීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන්නැයි උපදෙස්"

මෝටර් රථයක අනන්‍යතාව සම්පූර්ණයෙන් ඇතුළත් කෙරෙන වාහන පොත් බණ්ඩල් පිටින් සොරකම් කර එකක් රුපියල් පන්දහස බැගින් විකුණන දැවැන්ත වාහන ජාවාරමක කොටස්කරුවකු ලෙස කටයුතු කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරකු ඇතුළු හය දෙනකු කොළඹ වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කල්ලිය මෙහෙයවා ඇත්තේ ශ්‍රී දේවි සෙල්වදොරේ නොහොත් නජ්ලා අකීල් රෙහානා නමැති 38 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරිනියගේ රියදුරා වූ නා කුලුගමගේ කරුණාසේන නමැත්තා වාහන පොත් දෙපාර්තමේන්තුවෙන් පන්නා මෙම ජාවාරම්කාරියට විකුණා තිබේ. ඇය මෙම වාහන ජාවාරම පමණක් නොව තවත් මූල්‍ය වංචා රැසක් සිදුකර තිබේ.

මම බඳින්න කැමැති අනර්කලීව - Lahiru Perera

ලහිරු  පිළිතුරු දෙයි...

පළමු පෙම්වතියම බිරිය වුණ නිසා වෙනත් ප්‍රේමයක අත්දැකීම නැතිවීම, විරහ අත්දැකීම් නැතිවීම ගැන අද පසුතැවීමක් නැද්ද?
අනේ නෑ... මොකට පසුතැවෙනවාද? එහෙම වෙච්ච එක හොඳයි.
එකට ඉන්න මිතුරන් පසු කාලෙක අමනාප වී වරදවා වටහා ගැනීම ජීවිතයට දැනෙන්නේ කොහොමද?
එකට කාපු බීපු මිනිස්සුත් එහෙම හිතනකොට අන් අය ගැන කවර කතාද?

ක්‍ෂේත්‍රයේ හමුවූ සිත වඩාත් ඇදී ගිය යුවතිය කවුද?
එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. ඒ ගයාත්‍රි ඩයස්, හිමාලි සිරිවර්ධන.

ප්‍රියතම නිළිය කත්‍රිනා කයිෆ් කවදා හරි දවසක හමුවී ගැඹුරු සිප ගැනීමකට ආරාධනා කළොත් මොනවද කරන්නේ?මේ මොනවා අහනවාද මන්දා, එක පයින් කැමැති වෙනවා. මගේ බිරියට වුණත් ඒක ආඩම්බරයට කාරණයක්නේ. තමන්ගේ සැමියාට කත්‍රිනාගෙන් ඒ වගේ ආරාධනාවක් ලැබුණා කිව්වහම කාටද ආඩම්බර.

ජනාධිපති හකීම්ට යන්න කියයි - President tells Hakeem to leave the government

අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතාට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් වී යන ලෙස කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ.

පසුගිය 28දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර ඉන්පසු අදාළ ප්‍රකාශය කළ ජනාධිපතිවරයා රැස්වීමෙන් නැඟිට ගොස් ඇත. අධිකරණ ඇමැතිවරයා ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානයට ලංකාවට සහ ආණ්ඩුවට එරෙහිව ලිපි රැසක් යවා ඇති බව හෙළිදරව් වී ඇති අතර එම ලිපි සම්බන්ධයෙන් ඇමැතිවරුන්ද දැඩිව අදහස් දක්වා තිබේ.

මෙහිදී හකීම් ඇමැතිවරයා පවසා ඇත්තේ තම පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සිටියද වෙනම පක්ෂයක් බවයි. ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු තත්ත්වය තවත් උණුසුම් වී ඇත.

පිළිකා හැදෙයි කෑවොත් බැදපු මස් වැළකෙන්නට ගුණයි කොස්

පිළිකා පිළිබඳ අලුත්ම ගවේෂණයක තොරතුරු

* එන්න එන්නම රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා ද?
* එය ඇත්තනම් එයට බලපා ඇති හේතු මොනවා ද?
* මටත් පිළිකාවක් හැදෙයි ද?
* පිළිකාවට ගොදුරු නොවී ආරක්ෂා වෙන්නබැරි ද?
* පිළිකාවක් හැදුණොත් ජීවිතේ ඉවර ද?

මේ අද සමාජයේ ලෙඩ රෝග සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති ප්‍රශ්න කීපයකි. බොහෝ දෙනෙකුට මෙවැනි ප්‍රශ්න පැන නැගීම ඇතැම් විට සාධාරණ යැයි කිව හැකිය. ඒ; අද මරණ 10 ක් පිළිබඳව ආරංචි වූවොත් ඉන් දෙක තුනකටවත් හේතු වී ඇත්තේ කුමන හෝ පිළිකාවක් වී තිබීමය. බොහෝ දෙනෙක් සිතන්නේ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම පිළිකා රෝගය සමාජයේ බහුල වීමට හේතු වී ඇති බවය.

ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් අවසන් වරට කරනු ලැබු සමීක්ෂණ වාර්තාවට අනුව එම වසරේදී හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 13,635 කි. ඉන් 7279 ක් කාන්තාවන්ය; 6356 ක් පුරුෂයින්ය. පිළිකාවට ගොදුරු වූ කාන්තාවන්ගෙන් වැඩිම පිරිසක් මිය යන්නේ පියයුරු පිළිකා නිසාය.

ගිරවෙකුගේ සාක්ෂියෙන් අභිරහස් ඝාතනයක තතු හෙළි වෙයි

ගිරවෙකුගේ සාක්ෂියක් මත ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආග්‍රා ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉන්දීය මාධ්‍යවේදියෙකු වන විජේ ෂර්මාගේ බිරිඳ වන 45 හැවිරිදි නීලම් ශර්මා නැමැත්තිය යි. මීට අමතරව සැකකරුවන් නිවසේ සිටි බලු පැටවා ද ඝාතනය කර තිබේ.

 කෙ‍සේ වෙතත් ඇසින් දුටු සාක්ෂි හෝ වෙනත් කිසිඳු සාක්ෂියක් නොමැති අවස්ථාවක නිවසේ කූඩුවක රඳවා සිටි හර්කියුල් නම් ගිරවා අදාළ ඝාතන සම්බන්ධයෙන් එක ම සාක්ෂිකරු වී ඇත. විජේ ශර්මා නිවසට පැමිණෙන විට සිය බිරිඳ සහ බලු පැටවා ඝාතනය කර තිබෙනු දැක ඇති අතර කූඩුවේ සිටි හර්කියුල් ශෝකයට පත් ව සිටින ආකාරය ද දැක ඇත.

 පසු ව ඔහුගේ අෂුතෝෂ් නම් ඥාති පුත්‍රයෙකු ද නිවසට පැමිණ තිබේ. නිශ්ශබ්දව පසු වූ ගිරවා අෂුතෝෂ්ගේ පැමිණීම ත් සමග නොසන්සුන් ආකාරයෙන් කූඩුව පුරා සැරිසරීමට පටන් ගෙන ඇත. ටික වේලාවකට පසු අෂුතෝෂ් එම නිවසින් පිට ව ගොස් ඇති අතර එහිදී ගිරවා යළි ත් සන්සුන් වී ඇත. පසු ව තම නිවසට පැමිණි පිරිස් සමග සිදුවන කතාබහේදී අෂුතෝෂ්ගේ නම සඳහන් වන සෑම අවස්ථාවකදී ම ගිරවා නොසන්සුන් අකාරයකින් ශබ්ද නිකුත් කිරීම තමන්ට අෂුතෝෂ් පිළිබඳව සැකකයක් හට ගැනීමට ප්‍රධානම හේතුව වූ බව ෂර්මා පොලීසියට පවසා තිබේ.

ජයලලිතා ලෝක නායකයන්ට නිගාදෙන හැටි - Jayalalithaa showing world leaders bowing before her

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයලලිතා ඉදිරියේ දණ නමා වඳින ආකාරයෙන් හා ඔබාමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් ඇයට හිස නමා ආචාර කරන ආකාරයේන් සකසන ලද පුවරුවක්ද සහිතව, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ 66 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොයිම්බටෝර්හි ප්‍රදර්ශනය කෙරෙන දැවැන්ත ප්‍රචාරක පුවරු පෙළක් නැරඹීම සඳහා ඇගේ ආධාරකරුවන් නගරය කරා ඇදෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
 එමෙන්ම, මෙම ප්‍රචාරක පුවරුවල ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා හා හිටපු ජනපති ජෝර්ඩ් ඩබ්. බුෂ් මෙන්ම, චීන සහ ජපාන රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකු අතරින් රතු පලස ඔස්සේ ජයලලිතා පියනගන ආකාරයද දැක්වෙයි. ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, ව්ලැඩිමීර් පූටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඇතුළු නායකයන් ජයලලිතා පිළිගැනීමට අත්පොලසන් දෙන ආකාරය දැක්වෙන ප්‍රචාරක පුවරුවක්ද වෙයි. 

ජයලලිතාගේ 66 වැනි උපන් දිනය වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ හැඩයෙන් විශාල කේක් ගෙඩියක් නිමවා ඇති බවත්, රුක් රෝපණය කිරීම්, කලා ප්‍රදර්ශන සහ ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

Gossip Lanka Hot News Previous News Archive