![]() |
| බිම නිදා ගැනීමට වඩාත් කැමැතියි |
‘මම ගිය ත්රීවිල් එකේ ලොරියක් හැපුණා මමයි තාත්තයි මැරුණා’
“අපේ ගෙදර ගාන්න තීන්ත ගේන්න තාත්තයි මමයි ගියා. අපි ගිය ත්රිවිල් එකේ ලොරියක් හැප්පිලා ත්රිවිල් එක කුඩු වුණා. ත්රිවිල් එක එළවපු මාමා එළියට පැනලා බේරුණා.
මමයි තාත්තයි මැරුණා.” යැයි තුන් හැවිරිදි දැරියක වචන ගළපමින් මා සමඟ පවසයි.
ඇය, හිරිවඩුන්න, ග්රේස්ලින් ජනපදයේ පදිංචි පවුලක දැරියකි. දුමින්දි චමෝදා හපුගොඩ එම දැරියයි.







