වසර පනහක කාලයක් තිස්සේ අබිසරු ලියන් ලෙස ජීවිකාව ගෙන යමින් පිරිමින් තුන්ලක්ෂ පනස්පන්දහසක් (3,55,000) සමඟ ලිංගික සබඳතා පැවැත්වූ නිවුන් සොයුරියන් දෙදෙනකු අබිසරු වෘත්තියෙන් විශ්‍රාම ගැනීමේ පුවතක් ඇම්ස්ටර්ඩෑම් නගරයෙන් වාර්තා වෙයි.
ලෝයුස් සහ මාටයින් පොකන්ස් (70) යන නිවුන් සොයුරියන් දෙදෙනාගේ වයස එකතුකර බලද්දී වසර සියයක කාලයක් තුළ ඔවුන් දෙදෙනා පිරිමින් තුන්ලක්ෂ පනස්දහසක් සමඟ අඹු සැමියන් ලෙස හැසිරී ඇතැයි ' සන්' නමැති පුවත්පත වාර්තා කරයි.මෙම සොයුරියන් දෙදෙනා පවසන්නේ දැනට වයස්ගත ප්‍රජාවගේ ආකල්ප වෙනස් වෙමින් පැවතීම නිසා තම ව්‍යාපාරය පවත්වා ගෙන යැම අසීරු බැවින් විශ්‍රාම ගැනීමේ තීරණයට එළැඹුන බවය.ලෝයුස් පවසන්නේ තමාට රක්ත ප්‍රමේහ රෝගය (Arthritis) වැළඳීම නිසා ඉහත කී ව්‍යාපාරය කරගෙන යැමේදී අමතර දුෂ්කරතාවන්ට ලක් වූ බවය. දෙදෙනාම පවසන්නේ අලුත් ඉල්ලුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන්ට ඉතා අමාරු කාර්යයක් බවය.





.png)

