පිරිමි 3,55,000ක්‌ සතුටු කරමින් අබිසරුලියෝ විශ්‍රාම ගනිති

වසර පනහක කාලයක්‌ තිස්‌සේ අබිසරු ලියන් ලෙස ජීවිකාව ගෙන යමින් පිරිමින් තුන්ලක්‍ෂ පනස්‌පන්දහසක්‌ (3,55,000) සමඟ ලිංගික සබඳතා පැවැත්වූ නිවුන් සොයුරියන් දෙදෙනකු අබිසරු වෘත්තියෙන් විශ්‍රාම ගැනීමේ පුවතක්‌ ඇම්ස්‌ටර්ඩෑම් නගරයෙන් වාර්තා වෙයි.

ලෝයුස්‌ සහ මාටයින් පොකන්ස්‌ (70) යන නිවුන් සොයුරියන් දෙදෙනාගේ වයස එකතුකර බලද්දී වසර සියයක කාලයක්‌ තුළ ඔවුන් දෙදෙනා පිරිමින් තුන්ලක්‍ෂ පනස්‌දහසක්‌ සමඟ අඹු සැමියන් ලෙස හැසිරී ඇතැයි ' සන්' නමැති පුවත්පත වාර්තා කරයි.මෙම සොයුරියන් දෙදෙනා පවසන්නේ දැනට වයස්‌ගත ප්‍රජාවගේ ආකල්ප වෙනස්‌ වෙමින් පැවතීම නිසා තම ව්‍යාපාරය පවත්වා ගෙන යැම අසීරු බැවින් විශ්‍රාම ගැනීමේ තීරණයට එළැඹුන බවය.ලෝයුස්‌ පවසන්නේ තමාට රක්‌ත ප්‍රමේහ රෝගය (Arthritis) වැළඳීම නිසා ඉහත කී ව්‍යාපාරය කරගෙන යැමේදී අමතර දුෂ්කරතාවන්ට ලක්‌ වූ බවය. දෙදෙනාම පවසන්නේ අලුත් ඉල්ලුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන්ට ඉතා අමාරු කාර්යයක්‌ බවය.

සිංහල ජාතිය නඟාසිටුවීමට රුපියල් 25,000ක දීමනාවක්

සිංහල බෞද්ධ ජාතිය නඟා සිටුවීමේ අරමුණින් අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටින සෑම සිංහල බෞද්ධ පවුලකට රුපියල් 25,000/- ක මුදලක් ලබා දීමට ‘මව්බිම’ සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත. ඒ අනුව දරුවන් පස් දෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටින පවුල් පිළිබඳ දිස්ත්‍රික් මට්ටමෙන් සොයා බැලීමේ පුළුල් සමීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇතැයි සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ. මේ වන විට සිංහල බෞද්ධ ජන කොටස්වල වර්ධනය සීග්‍ර පසුබෑමක් දක්නට ලැබෙන බැවින් වසර කිහිපයකින් සිංහල ජාතිය වඳ වී යාමේ තර්ජනයක පෙර නිමිත්තක් දකින්නට ලැබෙන බවද ආනන්ද හිමියන් සඳහන් කළහ. 
මෙම මුදල් පරිත්‍යාග කිරීම සඳහා දැනටමත් අරමුදලක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා පරිත්‍යාගශීලින්ට දායක විය හැකි බවද ‘මව්බිම’ සුරැකීමේ සංවිධානය සඳහන් කර සිටී.

බැරක් ඔබාමා ‍ගේ අධි ආරක්ෂිත " බීස්ට් " මෝටර් රථය ක්‍රියා විරහිත වේ

පසුගියදා අවසන් වූ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ‍ගේ ඊශ්‍රායල සංචාරයට පෙරාතුව සිදුවූ වෙනස් ආකාරයේ ඇබැද්දියක් පිළිබඳව විදෙස් වාර්තා වල දැක්වේ.
එය සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා ඊශ්‍රායලයට ලඟා වීමටද පෙරාතුවය. " බීස්ට් " ලෙස හැඳින්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අධි ආරක්ෂිත මෝටර් රථය ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. වැරදීමකින් මෙම රථයට ඩීසල් වෙනුවට පෙට්‍රල් පිරවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි පැවසේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයට පැමිණීමට දිනකට පෙර සිදුවූ මේ සිදුවීම හේතුවෙන් අසල්වාසී රාජ්‍යයක් වූ ජෝර්දානයෙන් තවත් රථයක් ගෙන්වා

ලංකාවට එරෙහිව තවත් ද්‍රවිඩ තරුණයෙක් සිරුරට ගිනි තබාගෙන මැරෙයි

Anti-Lanka stir in TN: Man sets himself on fire, dies
ශ්‍රී ලංකාව වෙත විරෝධය පළ කිරීම සඳහා තම සිරුරට ගිනි තබාගත් තවත් තමිල්නාඩු වැසියකු ඊයේ (22 දා) පෙරවරුවේ චෙන්නායිහි රජයේ රෝහලේදී මිය ගොස් තිබේ.විසිඅට හැවිරිදි වික්‍රම් නමැති මේ පුද්ගලයා බ්‍රහස්පතින්දා (21දා) සවස සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගෙන තිබේ. සිරුරේ 80%ක් පිලිස්සුම් තුවාල සහිතව මොහු රෝහල් ගත කර තිබිණි.

රෙඩ්හිල් නමැති ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විරෝධතා රැලියකදී ඔහු මෙසේ සිරුරට ගිනි තබා ගෙන ඇත. ගිනි තබා ගැනීමට පෙර ඔහු ඊළාම්වාදී සටන්පාඨ කියමින් කෑ ගසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. ශ්‍රී ලංකාවට එරෙහිව මීට කලින් නාම් තමිලර් පක්ෂ ක්‍රියාකාරිකයකු වන මනි නමැත්තෙක් සිරුරට ගිනි තබා ගෙන මිය ගියේය.

ඉන්දියාවට කනේ පහර ගහන හැටි උදය ගම්මන්පිල කියයි

අතීතයේ සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැතියේ දැඩි මිත්‍රත්වයක්. ඒත් පසුගියදා ඉන්දියාවේ දී ශ්‍රී ලාංකිකයන් බියවැද්දීම්, තන්ජුවූර්හි දී හා චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ දෙනමකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයට බාධා එල්ල විය. මේ හරහා ගොඩනැඟි අලුත්ම තත්ත්වය පිළිබඳ නීතිඥ උදය ගම්මන්පිල මහතා පුවත්පතකට අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.

තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන මේ කනගාටුදායක තත්ත්වයට ඉන්දීය මධ්‍යම රජය සෘජුව වගකිව යුතුයි. එයට හේතුව තමිල්නාඩු රජය පසුගිය කාලයේ ශ්‍රී ලංකා විරෝධි ව්‍යාපාරයක් දියත් කළා. තමිල්නාඩුවේ පුහුණු වෙමින් සිට ගුවන් හමුදා භටයන් එම පුහුණු කඳවුරෙන් ඉවත් කළා. ශ්‍රී ලංකා රගර් කණ්ඩායම් ක්‍රීඩා තරගයකදී ක්‍රීඩා කරන බව දැනගත් විට එය අවලංගු කර සංවිධායකයන්ට විරුද්ධව කටයුතු කළා. මෑතකදී තමිල්නාඩුවේ පැවැත්වීමට නියමිතව තිබු දකුණු ආසියානු ක්‍රීඩා තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන බව දැනගත් විට එය නොපැවැත්විය යුතු යැයි කිව්වා.

‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංග රිංගින්ටෝන් ගහලා විකෘතිකලා - Roy Peiris


ජාතික තරුණ සේවා සභාව හරහා රටට දායාද කෙරුණු සංගීතය, ගී පද රචනය සහ ගායනය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම කුසලතා සතු වූ ශිල්පීන් අතර රෝයි පීරිස් ද සිටී. රෝයි මේ දිනවල පසුවන්නේ තරමක ආවේගශීලී සිතුවිලි ඇතුවයි.
ඒ ඔහු ගායනා කළ නිහාල් ගම්හේවා විසින් තනු නිර්මාණය කර පද රචනය කළ “මා දෑසෙ වේදනා” සහ “රත්තරං ප්‍රාර්ථනා” ගීත නිහාල් විසින් දුරකථන සඳහා රිංගින්ටෝන් යොදන ව්‍යාපාරිකයෙකු හට විකිණීම හේතුවෙන් එම ගී ශිහාන් මිහිරංග සහ තීක්ෂණ අනුරාධ යන ගායකයින්ගේ හඬින් ගයා විකෘති කිරීම හේතුවෙනි. ඒ පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ නොයෙකුත් මතිමතාන්තර මතු වී ඇති හෙයින් කෙළින්ම සිය අදහස් උදහස් විවෘතව හෙළිදරව් කරන්නට රෝයිට අපි අවසර දෙමු.

ජීවිතයට සමීප කෙනෙක් තාම නෑ - Shalani Tharaka

ශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය.  අද විශේෂාංගයට අප ශලිනි තාරකා කැඳවා ගත්තේ ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.

මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ කාලය ගතවෙන්නේ?

මම රංගනයෙන් දායක වුණු ‘ස්පන්දන’, ‘මායාවි’ කියන චිත්‍රපට දෙකේ රූපගත කිරීම් අවසන් වුණේ මීට දින කීපයකට පෙරයි. ඊට අමතරව “සඳ පිණිදියක”, “හේඩි”, “තරු අහසට ආදරෙයි”, “හිරුට මුවාවී”, “දියමත ලියමි” ටෙලිනාට්‍යවල රූපගතකිරීම්වලට දායක වෙනවා.ඒ නිසා මේ දිනවල තරමක් කාර්ය බහුලයි. 
”ස්පන්දන” චිත්‍රපටයේ ඔබ මොනවගේ චරිතයක්ද නිරූපණය කරන්නේ?
එහි මගේ චරිතය මයුමි. මෙය අද්භූත බලවේග හොල්මන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන කතාව යටින් ආදර කතාවක් ද කියවෙනවා.

ඊළාම් සිහිනය බොඳකරගත් පිරිස් මව්බිමෙන් පළි ගැනීමට උත්සහ කරනවා

ඊළම ලබා ගැනීමට නොහැකි වූ ඇතැම් පිරිස් ජාත්‍යන්තරයේ සිට කුමන්ත්‍රණය කරමින් මාතෘභූමියෙන් පළි ගැනිමට උත්සාහ දරණ බව ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිතුමා පැවසූවේ, රජය විදේශ සබඳතා කළමනාකරණය නොකරන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන බවය.එහෙත් එය සත්‍යයෙන් තොර බව ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ය.

ජනාධිපතිතුමා පැවසූවේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන්නේ රජයේ විදේශ සබඳතා කළමනාකරණය කිරිමේ ගැටලුවක් හේතුවෙන් නොවන බවය.එය ඩයස් පෝරාවේ අවශ්‍යතාව ජාත්‍යන්තරයේ ක්‍රියාත්මකවෙමින් පැවතීමක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

Gossip Lanka Hot News Previous News Archive