සුරූපී Beyoncé ගේ බිකිනි විලාසිතා-Video

31 හැවිරිදි ඇමරිකානු පොප් ගායිකාවක වන Beyoncé විසින් පෙනී සිටි බිකිනි විලාසිතා දැක්වෙන වෙළඳ දැන්වීමක් මේ දිනවල ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වී තිබේ.

ස්වීඩනයේ සුප්‍රකට ඇඟලුම් සමාගමක් වන H&M (H & M Hennes & Mauritz AB (H&M)) සඳහා නිර්මාණය කරන ලද මෙම වෙළඳ දැන්වීමේ මෙම ගායිකාව විවිධ ආකාරයේ වෙරළ ඇඳුම් ප්‍රවර්ධනයේ යෙදී සිටින්නේ කණ්ඩායමක් සමග වෙරළ නර්තනයකට සහභාගී වෙමින් ගීත ගායනා කරමිනි. වාර්තාවන ආකාරයට මෙම වෙළඳ දැන්වීම බහමාස් වෙරළේ රූපගත කර තිබේ.

වෙළඳ දැන්වීමේ ඡායාරූප හා වීඩියෝව මෙන්න

Beautiful Creatures (2013)

අදරය හා මායාව එක් සිනමාපටයක් තුල නැවත සංකලනය වී අවසානයි. ඒ තමයි Kami Garcia හා Margaret Stohl විසින් රචිත Beautiful Creatures නම් කතා මාලාවේ මුල් ග්‍රන්තය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය. මෙහි මුල් ග්‍රන්තය 2009 දෙසැම්බර් 1 වනදා තමයි පාඨකයන් අතර පත් වුනේ. දෙවැන්න මේ වසරෙ ජනවාරි 3වනදා දොරට වැඩුන. 

මෙම චිත්‍රපටය ඔස්කා සම්මානයට නිර්දේශ වූ අධ්‍යක්ෂක Richard LaGravenese නිර්මානයක්. මෙහි Alden Ehrenreich, Alice Englert, Viola Davis, Jeremy Irons, Emmy Rossum හා තවත් නළු නිළි කැලක් තම රංගනයෙන් දායක වෙනව. IMDB දර්ශකයෙ 6.1 අගයක් මේ වෙනකොට ලබාගෙන ඇති චිත්‍රපටය 2013 පෙබරවාරි 14 වැනිද තමයි මහජන ප්‍රදර්ශනයට විවෘත වුනේ. Box office ආදායම $ 60,052,138.

‘ඔෆිසර් ඩෝව්න්’ Officer Down

‘ඔෆිසර් ඩෝව්න්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රයන් ඒ. මිලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ස්ටෙෆන් ඩොර්ෆ්, ඩොමිනික් පර්සෙල්, ඩේවිඩ් බොරෙනාස්, ඇගලයිනී මැක්ක්‍රොඩ්, ස්ටෙෆන් ලන්ග්, ජේම්ස් වුඩ්ස් සහ වෝල්ටන් ගොගින්ස් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

When a cop's crooked past comes back to get him, can he do the right thing, or will he succumb to the threats of his dangerous connections?

Director: Brian A Miller
Writer: John Chase
Stars: Stephen Dorff, Stephen Lang, David Boreanaz | See full cast and crew

American Reunion - 2012

‘ඇමරිකන් රියුනියන්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන් හර්විට්ස් සහ හේඩ්න් ස්කොල්ස්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජේසන් බිග්ස්, ක්‍රිස් ක්ලේන්, තෝමස් ලැන් නිකොලස්, සේන් විලියම් ස්තොට්, ටාරා රෙයිඩ්, මෙනා සුවාරි, එඩී කායේ, ඩානියා රමිර්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

American Reunion - 2012 Film
American Reunion is a 2012 ensemble comedy film written and directed by Jon Hurwitz and Hayden Schlossberg. It is the fourth installment in the American Pie theatrical series and eighth installment in the American Pie franchise overall. Wikipedia

Initial release: April 4, 2012 (Iceland, Latvia, Norway, ...)
Directors: Hayden Schlossberg, Jon Hurwitz
Genre: Comedy film

Parker (2013)

ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්‍රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා
A thief with a unique code of professional ethics is double-crossed by his crew and left for dead. Assuming a new disguise and forming an unlikely alliance with a woman on the inside, he looks to hijack the score of the crew's latest heist.
Director: Taylor Hackford
Writers: John J. McLaughlin (Donald E. Westlake (novel)
Stars: Jason Statham, Jennifer Lopez, Michael Chiklis | See full cast and crew
Genre: Thriller , Crime
Release: 25 January 2013

The Numbers Station (2013)

මෙම චිත්‍රපටිය 2013 වසරේ Golden Trailer සම්මානය සඳහාද නාම යෝජනා ලබපු චිත්‍රපටියක්. ක්‍රියාදාම ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDb රේටින් වල 5.4/10 ක අගයක් ලබා ගෙන තියෙන සුපිරි චිත්‍රපටියක්.
A former black ops agent and the young woman he's assigned to protect fight for survival after a surprise attack.
Director: Kasper Barfoed
Writer: F. Scott Frazier
Stars:Malin Akerman, John Cusack, Hannah Murray | See full cast and crew
Genre: Action , Thriller
Release: 26 April 2013

දින දින ඉහළ යන ලංකාවේ දික්‌කසාදය - Divorce in Sri Lanka

*In Sri Lanka 25% of married couples are divorced
කොළඹ විශ්වවිද්‍යාලයීය මාධ්‍ය අංශය මගින් විවාහය පිළිබඳව කරන ලද සමීක්‍ෂණ වාර්තාවක්‌ පසුගියදා එළිදැක්‌විණ. එයින් කියෑවුණේ ලංකාවේ සිදුවන විවාහ සියයකින් විසිපහක්‌ දික්‌කසාදයෙන් කෙළවර වන බවයි. මෙම තත්ත්වය බරපතළ තත්ත්වයකි. මෙයින් කියවෙන්නේ සමාජය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවයි. සමාජය ඒකරාශි කරන ප්‍රධාන සාධකය පවුලයි. පවුල් සංස්‌ථාවේ දෙදරා යැම සුළු කොට තැකිය නොහැක. දික්‌කසාදය ඉහළ යැම සමාජයට දැනෙන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. දික්‌කසාද අතර අවු. 20-35 අතර අය වීම තවත් බරපතළ තත්ත්වයකි.

මොවුන් රටේ ශ්‍රම හමුදාවයි. ඔවුන්ගේ බිඳ වැටීම යෑපෙන්නන්ට බලපාන බැවින් කෙනෙකු තම පවුලට දරුවකු ලැබුණු පසු දික්‌කසාද වීමද ලැබෙන්නට පෙර දික්‌කසාද වීමද දක්‌නට ඇත. මේ දෙකම සමාජයට අයහපත් ලෙස බලපායි. කෙසේ වෙතත් දික්‌කසාදය සමාජ වටිනාකමක්‌, මානසිකත්වය ද බිඳ දමන බැවිනි. දික්‌කසාදයත් සමග මෙතෙක්‌ ජීවිත කාලයක්‌ ගොඩනගා ගෙන ආ පැතුම් ගලක හැපුණු වීදුරු බඳුනක්‌ සේ විනාශ වනු ඇත. දේපළ වත්කම් පොදුවේ ගොඩනැගූ දේ විනාශයට යනු ඇත.
 මෙය රටක ජාතික ආර්ථිකයට හානිකරය. මූලික අවශ්‍යතා ඉටු කර ගන්නා අලුත් ජීවිතයක්‌ ගොඩනැඟêමට වසර ගණනක්‌ ගතවනු ඇත. දික්‌කසාද වූ ඉතාම සුළු පිරිසක්‌ නැවත ගොඩනැගෙනු ඇත. එහෙත් අඳුරු පසුබිම දෙවන විවාහය ගත කරන ජීවිත කාලය තුළම පවුල් ගැටලුවලට ඇද දමනු දක්‌නට ඇත. මෙය සමාජයට වෛරය ක්‍රෝධය, ඊර්ෂ්‍යාව දායාද කරන තත්ත්වයකි.

මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් - Poisoning Washing Powder

වෙළෙඳ නාමයක් නොමැතිව ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කරන මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් ගම්වල අලෙවි කෙරෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද නිෂ්පාදිත ස්‌ථානයක්‌, දිනයක්‌ හෝ දුරකථන අංකයක්‌ සඳහන් නොමැති රෙදි සෝදන කුඩු මිලදී ගැනීමෙන් වළකින ලෙස ද ධූලවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම රෙදි සෝදන කුඩු වර්ගය පැකට් වර්ග දෙකකින් සමන්විත බවත් එය ආහාර ජීරණ පද්ධතියට ඇතුළු වුවහොත් මරණය පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි. ඉකුත් කාලයේදී දකුණු පළාතේ විශාල පිරිසක් මෙම රෙදි සෝදන කුඩු ආහාර ජීරණ පද්ධතියට ඇතුළු වීම නිසා මරණයට පත්ව, තවත් පිරිසක් රෝහල් ගත කළ බවද වෛද්‍යවරයා කීය.
"රෙදි සෝදන කුඩු වර්ගය කෙතරම් උග්‍ර විෂ සහිත දැයි කිවහොත් බොහෝ පිරිසක් රෝහල් ගත කිරීමට පෙර මරණයට පත්ව ඇති බවද හෙතෙම පවසයි." මේ පිළිබඳව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇත. උග්‍ර විෂ සහිත මෙම රෙදි සෝදන කුඩු වර්ගය පිළිබඳ යම් තොරතුරක් ඇතොත් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වෙතොත් 0112-686143 යන දුරකථන අංකයට කාර්යාල වේලාවන්හි අමතන ලෙසද විශේෂඥ වෛද්‍ය ගුණතිලක වැඩිදුරටත් කීය.

Gossip Lanka Hot News Previous News Archive