කොදෙව්වෙක්‌ ඇවිත් 'සඳාව' කැන්දන් යයි - Woman Cricketer Sandamali Wedding

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ 'ස' නමැති ආදර නාමයෙන් හඳුන්වන මැය ඉකුත් 11 වැනිදා කොදෙව් සහකරුවකු සමග අතිනත ගත්තාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම කොදෙව් දේශයේ තරග කරමින් සිටින අතරතුර ආරම්භ වූ මෙම පෙම් පටලැවිල්ල දැන් විවාහයකින් කෙළවර වී හමාරය. විශේෂත්වය වන්නේ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරිගණක විශ්ලේෂකයෙකි. පුහුණුකරුවෙකි.

2002 වසරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමට එක්‌ වූ 'සඳා' එක්‌දින ජාත්‍යන්තර තරග 53 කට සහභාගි වී ලකුණු 431 ක්‌ සහ කඩුලු 25 ක්‌ බිද දමා ඇති අතර ඉහළම ලකුණු සංඛ්‍යාව 74 කි. විවාහයත් සමග සිය ක්‍රිකට්‌ දිවියට නැවතීමේ ලකුණ තැබීමට බලාපොරොත්තු වන ඇය කොදෙව් දේශයෙන් හමුවූ සහකරුවා පිළිබඳව මෙසේ 'දිවයින' ක්‍රීඩා සංග්‍රහය සමග කථා බහක නිරතවිය.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ගහන්න ගිහිල්ල කොහොමද මෙහෙම සම්බන්ධයක්‌ ඇති වුණේ?

පිළිතුරු - 2011 අපි බටහිර ඉන්දීය කොදෙව් දූපතේ පැවැති තරගාවලියකට ගිය වෙලාවෙ තමයි මුලින්ම මේ සම්බන්ධයේ ආරම්භය ඇති වුණේ. එයා අහල තිබ්බ අපේ පරිගණක විශ්ලේෂකගෙන් මම ගැන.

රවි මාරුව ඔබේ ලග්නයට කොහොමද? Ravi Maruva

රවි කටකයට යෑම රටටත් සුබයි
ග්‍රහ මණ්‌ඩලයේ රජු වශයෙන් සැලකෙන්නා වූද අනෙකුත් සියලුම ග්‍රහයන්ට ස්‌වකීය ආලෝකය දෙමින් තම ආකර්ශනය හා අධිපති බව පතුරුවන්නා වූද සූර්යා හෙවත් රවි ග්‍රහයා ජුලි මස 16 වැනි අඟහරුවාදා කටක රාශියට මාරුවීමට නියමිතය. එවිට මෙතෙක්‌ පැවති මිථුන කෝණ මාසය නිම වේ. මංගල කටයුතුවලට අශුභ ඵලදායක වූ කෝණ මාසය නිමවීමෙන් සුබ නැකත් සෑදීමට තිබූ බාධාවක්‌ ඉවත් වේ.

ජුලි 16 වැනිදා පස්‌වරු 3.45 ට කටක රාශියේ පුනාවස නැකතේ හතර වන පාදයට හිරු මාරුව සිදුවන අතර එය කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකාව අයිති කේන්ද්‍රයේ හයවැන්න ද වන්නේය. රවි හයවැන්නේ ගමන් කරන කාලය සුබඵල උදාකරන බව ජ්‍යෙතිෂයේ නියමයකි.

කේන්ද්‍රයේ හයවැන්න සතුරන් හා රෝග පිළිබඳ කියෑවෙන භාවයයි. එබැවින් මේ ජුලි 17 අගෝස්‌තු 17 දින අතර මාසය තුළ රහස්‌ සතුරු කුමන්ත්‍රණ, ජනතා විරෝධී වැඩ කරන අය නීතියේ රැහැනට හසුවනු ඇත. එපමණක්‌ නොව අප රටට විරුද්ධව විවිධ ලෙස ක්‍රියාකරන විදේශීය බලවේග පරාජය කිරීමට ද ශක්‌තියක්‌ ලැබෙනවා ඇත. විදේශ සබඳතා ශක්‌තිමත් කර ගැනීමට කරුණු සැලසේ. තානාපති සේවාවන් වල පවතින දුර්වලතා නිවැරැදි කරගත හැකි වේ. මේ අතර මෙම කාලය ඇතුළත සෞඛ්‍ය අංශයේ ද කැපී පෙනෙන වර්ධනයක්‌ ඇතිවේ. රෝග නිවාරණය සඳහා කෙරෙන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි වේ.

කේ සුජීවා කටකතා ගැන කතා කරයි - K.Sujeewa Speaks About Rumours

ඉගිමරන තරු රෑන කෝ.. කියමින් ජනප්‍රිය වූ ගායිකා කේ.සුජීවා පිළිබඳ ඊයේ අප වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කර තිඛෙන ආරංචිය වැරදි එකක් බව බහරේන්හි සිට ගොසිප් ලංකා හොට් නිවුස් වෙත පණිවිඩයක් එවන කේ සුජීවා පවසනවා.
ඇය පිළිබඳ වෙබ් අඩවි කිහිපයක් මගින් පතුරා තිබුණ ආරංචිය වූයේ සම සුදු වන්නට ඖෂධයක් ලබාදී වංචා කළ නිසා ඇගේ නිවස ඖෂධ ලබාගත් පිරිසක් විසින් වටලා ඇති බවත් ඇය ඩුබායි වෙත පළාගොස් ඇති බවත්ය. පැමිණි පිරිසට ඇගේ සැමියා වන කැලුම් තමා අදාල ගනුදෙනුවලට සම්බන්ධයක් නැති බව පවසා ගැලවී තිබූ බවද එම ආරංචියේ දැක්වුණා. කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද  පුවත්වල පළවී තිබුණා.

කේ සුජීවා ගොසිප් ලංකා හොට් නිවුස් වෙත දන්වා සිටියේ තමා දැන් සිටින්නේ ඩුබායිහි නොව බහරේන්හි බවත් තමා ලංකාවේ පවත්වා යන ව්‍යාපාරය ආකාරයේ සිරුර සිහින්කිරීමේ හා සම පැහැපත් කරවීමේ මධ්‍යස්ථානයක් තමා ලබන ඔක්තෝබරයේ බහරේන්හි අරඹන්නට මේ දිනවල කටයුතු කරන බවත්ය. තමා ඩුබායි වලට පැනගිය බවට ආරංචිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් තම සැමියා වනකැලූම් ලංකාවේ සාමාන්‍ය පරිදි කටයුතු වල නිරතවෙමින් සිටින බවත් ඉදිරියේදී නිකුත් කරන්නට යන මියුසික් වීඩියෝවේ වැඩ තම ස්ටූඩියෝවේ සිට ඔහු සිදු කරන බවත්ය. එසේම තමා ලබන දෙසැම්බරයේ සැමියා සමග එක්ව සංදර්ශන පැවැත්වීමට සූදානමින් සිටින බවත් තලවතුගොඩ පිහිටි ඇගේ රූපලාවන්‍යාගාරය නවීන අංග එක්කර වැඩිදියුණු කරන්නට සූදානමින් සිටින බවත්ය.

කතරගමින් ඇල්ලූ උසම ගංජා ගස්‌

ලුණුගම්වෙහෙර වන උද්‍යානය ආසන්නයේ ඇති ගොස්‌ටුපාන නමින් හඳුන්වන ප්‍රදේශයේ තිබූ ගංජා හේනක්‌ ඊයේ (12 දා) දින උදෑසන කතරගම පොලිසිය විසින් වටලන ලදී.කතරගම පොලිස්‌ බල ප්‍රදේශයෙන් ඇල්ලූ උසින් වැඩිම ගංජා හේන මෙය බව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතා පැවසීය.

ගංජා ගසක උස අඩි 8 ක්‌ පමණ වූ අතර අක්‌කර 5 ක්‌ තුළ මෙම ගංජා වගාව සිදු කර තිබිණි. මෙම ගංජා හේන වටලන අවස්‌ථාවේ දී සැකකරුවන් තිදෙනකු පැනගොස්‌ ඇති අතර දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වී ඇත. වියළා ප්‍රවාහනය සඳහා සකස්‌ කළ ගංජා ගෝනි 25 ක්‌ මෙම හේනේ දී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ අය බව පොලිසිය පවසයි.

ගංජා හේන පොලිසිය විසින් විනාශ කරනු ලැබූ අතර ගංජාවල වටිනාකම ලක්‍ෂ 75 ක්‌ බව පොලිසිය පවසයි.කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක කපිල චන්ද්‍ර සිරි, පොලිස්‌ සැරයන් වන 44324 නීල්, 1535 ප්‍රේමලාල්, 45056 පියනන්ද, 71452 ඉන්දික, 74359 ප්‍රභාත්, 75855 ප්‍රේමතිලක, 88368 විඡේසූරිය, 89173 ජයලාල්, 75762 මහින්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ෆොන්සේකාට අනෝමාත් එපා වෙයි…

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයට අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරිමට මුලින් ගෙන තිබූ එකඟතාව බිඳහෙලීම හේතුවෙන් ෆොන්සේකා මහතාට සහාය දක්වන එජාප මන්ත‍්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තම බිරිඳ වයඹ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා ආකමැත්ත පළකිරීම, එම මන්ත‍්‍රීවරුන් පිරිසගේ විරෝධතාවට හේතුව වී තිබේ.

ෆොන්සේකා මහතාට සහාය දැක්වීම මත මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කර සිටින මෙම මන්ත‍්‍රීවරුන් පිරිසගේ මතය වී තිබෙන්නේ, වයඹ මහ ඇමති අපේක්ෂක ධූරයට ප‍්‍රබල අපේක්ෂකයෙකු ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කළහොත් පමණක් ප‍්‍රබල ජයග‍්‍රහණයක් වයඹින් ලබාගත හැකි බවයි. එමෙන්ම එයින් පක්ෂයට ඇති ජනමතය රටටම පෙන්වාදිය හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම මෙම මැතිවරණයට තනිව තරඟ කිරීමට ෆොන්සේකා මහතා ගෙන ඇති තීරණයටද දැඩිව විරෝධය පළකර ඇති මෙම මන්ත‍්‍රීවරුන් පිරිස, එසේ කිරීමෙන් අත්වන්නේ පරාජයක් බවද ඔහුට පෙන්වා දී ඇත.

රටෙන් පැන්න කේ.සුජීවා ඩුබායිවල - K Sujeewa

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේවන විට ඩුබායිහි වෙසෙන බව වාර්තා වේ.

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබිනි.පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනුවටලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසේ.

කෙසේවුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිනි.

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබීය.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ.

ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ශූරතාවය දිනයි

2010 වසරින් පසුව අවසන් තරගයකදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ අහිමිවිය.ඒ, කැරබියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීයාව හමුවේ එක් කඩුල්ලකින් පරාජය වීම හේතුවෙන් ය.

ට්‍රිනිඩැඩ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි.සිය 400 වන එක්දින තරගය ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 22 කට දැවි ගිය අතර සිය 77 වන අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර පන්දු 100 කදී ලකුණු 71 ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 48 රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 30 ක් තුළ දැවී යෑම විශේෂත්වයකි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 4 කදී කඩුලු 9 ක්දැවී ලකුණු 203 ක් රැස් කිරමින් නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.නායකත්වයේ ඉනිමක් ක්‍රිඩාකළ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 45 ක් රැස් කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ය.ඉන්දියාවට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු වාරය තුළ ලකුණු 15ක් රැස් කිරීමට අවශවූ අතර, ශමින්ද එරංග යැවූ එම පන්දුවාරයේදී දෝනී හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගන් ජය තහවුරු කිරීමට සමත්විය.

මූණ රවුම් ලස්සන හිනාවක් තියෙන කෙනෙක් පෙම්වතා කරගන්න කැමැතියි.... Maheshi Madushanka

මහේෂි නිළියක් වුණේ නිළි හීනය සැබෑ කරගන්නද?
නිළියක් වෙන්න හීනයක් නම් තිබුණෙ නැහැ. ඒත් චිත්‍රපට බලන්න හුරුවෙලා ඉන්නකොට නිළියක් වෙන්න ආශාවක් ඇතිවුණා. ඉතින් ඒ ආශාව ඉෂ්ට වුණා.

ඔබට මුලින්ම ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ චිත්‍රපට නිළියක් විදියට.
ඔව්, නමුත් මාව ප්‍රේක්ෂකයෝ අඳුනගන්නේ මුතුවරුසා ටෙලි නිර්මාණය හරහා. ඒ නිර්මාණයෙන් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා කියලා හිතනවා.

ඉගෙනීම් කටයුතුවලට තිත තියලද රංගන කටයුතුවල නියැළෙන්නේ?
ඉගෙනීම් කටයුතුවලින් බැහැර වෙලා නැහැ. නමුත් මගේ රංගන සහ නර්තන වැඩකටයුතු නිසා ඉගෙනීම් කටයුතුවලට යොමුවෙන්න අමාරුයි. මේ තියෙන වැඩකටයුතු ඉවර කරලා නීති ක්ෂේත්‍රය පැත්තට අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා.

එතකොට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
දැනට නම් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වෙයි.

Gossip Lanka Hot News Previous News Archive