ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 'ස' නමැති ආදර නාමයෙන් හඳුන්වන මැය ඉකුත් 11 වැනිදා කොදෙව් සහකරුවකු සමග අතිනත ගත්තාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයේ තරග කරමින් සිටින අතරතුර ආරම්භ වූ මෙම පෙම් පටලැවිල්ල දැන් විවාහයකින් කෙළවර වී හමාරය. විශේෂත්වය වන්නේ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක විශ්ලේෂකයෙකි. පුහුණුකරුවෙකි.
2002 වසරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ 'සඳා' එක්දින ජාත්‍යන්තර තරග 53 කට සහභාගි වී ලකුණු 431 ක් සහ කඩුලු 25 ක් බිද දමා ඇති අතර ඉහළම ලකුණු සංඛ්‍යාව 74 කි. විවාහයත් සමග සිය ක්‍රිකට් දිවියට නැවතීමේ ලකුණ තැබීමට බලාපොරොත්තු වන ඇය කොදෙව් දේශයෙන් හමුවූ සහකරුවා පිළිබඳව මෙසේ 'දිවයින' ක්‍රීඩා සංග්‍රහය සමග කථා බහක නිරතවිය.
ප්රශ්නය - ක්‍රිකට් ගහන්න ගිහිල්ල කොහොමද මෙහෙම සම්බන්ධයක් ඇති වුණේ?
පිළිතුරු - 2011 අපි බටහිර ඉන්දීය කොදෙව් දූපතේ පැවැති තරගාවලියකට ගිය වෙලාවෙ තමයි මුලින්ම මේ සම්බන්ධයේ ආරම්භය ඇති වුණේ. එයා අහල තිබ්බ අපේ පරිගණක විශ්ලේෂකගෙන් මම ගැන.






