රසකාරක වර්ග 19ක් ආහාර සඳහා එක් කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.ආහාර උපදේශක කමිටුවෙන් කරන ලද කරුණු විමසීමකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වසරේ ජූලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා ආහාරපානවලට අන්තර්ගත කෙරෙන රසකාරක ද්‍රව්‍ය හා රස ප්‍රවර්ධක සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් කර ඇත.
එසේ තහනම් කර ඇති රසකාරක ද්‍රව්‍ය වන්නේ ඇලොයින්, බර්බරින් , බීටා - ඇසරෝන් සහ සීනමයිල් ඇන්ත්‍රක්සිලේට් , කේඩ් ඔයිල් , කැලමස් ඔයිල් , කොකේන් , කුමරින් , ඩයඑතලින් ග්ලයිකොල් , ඩයිඑතලින් ග්ලයිකොල් මොනොඊතයිල් ඊතර් , එස්ට්‍රගෝල් , ඉයුජිනයිල් මීතයිල් ඊතර් , හයිපරිසීන් , නයිට්‍රොබෙන්සීන් , පයිරොලිජීනස් ඇසිඩ් , සැෆ්රෝල් සහ අයිසොසැෆ්රෝල් , සැන්ටොනින්, සසාප්‍රස් ඔයිල් , තුජෝන් අයිසෝතුජෝන් (ඇල්ෆා ඒ-බීටා බී තුජෝන්)
, ටොන්කා බීන් (ඩිප්ට්‍රයිල් ඇඩොරට්, යම් රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධනයක් මෙරටට ආනයනය කෙරෙන්නේ නම් එහි සම්භවය ඇති රටේ හෝ නිෂ්පාදිත රටෙහි අදාළ අධිකාරිය මඟින් ආහාර සඳහා භාවිත කිරීම පිණිස ආරක්ෂිත හා යෝග්‍ය බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වන අතර එසේ අනුමතය නොමැති නම් කිසිම රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධකයක් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.