රාජ්‍ය සේවා, තොරතුරු රැසක් ගෙදර පරිගණකයෙන්


මෙරට සාමාන්‍ය ජනතාවට තම ගෙදර ඇති පරිගණකය මඟින් විභාග සහතික ලබාගැනීම, වාහන සහතික ලියාපදිංචි තොරතුරු, ජල බිල්පත් ගෙවීම, නෞකා බලපත්‍ර සේවා ලබාගැනීම ඇතුළු රාජ්‍ය සේවා රැසක තොරතුරු ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී ඇත.
මේ අවස්ථාව ශ්‍රී ලංකාවාසී සැමට උදාවන්නේ සාමාන්‍ය ජනතාවට හා විවිධ වෘත්තිකයින්ට දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ක්ෂණිකව හා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙන රාජ්‍ය ඉ- සේවා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අතින් ආරම්භ වීම මඟිනි.

ඒ අනුව සියලුම රාජ්‍ය ඉ-සේවා භාෂා තුනෙන්ම ලබා ගැනීම පිණිස අන්තර්ජාල බිහිදොර www.srilanka.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අවස්ථාව ලැබෙන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම වැඩසටහන මෙහෙයවයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් මෙරට රාජ්‍ය අංශය තවදුරටත් ශක්තිමත් කරමින් මහජන සේවාවන් සැපයීම වඩා පහසු කරන ‘රාජ්‍ය ඉ- සේවා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive