උනවටුනටත් අද්භූත ආලෝක ධාරාවක්

ගාල්ල උනවටුන එරබදුහ හංදිය ප්‍රදේශයේ 01 දින රාත්‍රී 7.30ට පමණ නිල් කහ රතු කහ ආලෝකයක් සහිත මහා අද්භූ®ත බෝලයක් අහසේ සිට පොළවට පාත් වූ බව, ප්‍රදේශවාසීහු පවසති.

එසේ පොළවට පාත් වූ ගිනි බෝලයක් මෙන් ආලෝකය විහිදෙන මෙම අද්භූ®ත ආලෝක ධාරාව, රූමස්සල කන්ද පැත්තෙන් ගොස් නොපෙනී ගිය බව, ප්‍රදේශවාසීහු පවසති. මෙම ගිනි බෝලය සහිත ආලෝකය විනාඩි ගණනාවක් පොළවට මදක් ඉහළින් සැරි සරා ගමන් කර ඇති බවද ගම්වාසීහු පවසති.


මෙම අද්භූ®ත ආලෝක ධාරාව විනාඩි පහක් හයක් සැරිසරූ බව ද ඔහු කියති. උනා වැටුන උනවටුන නම් වූ මෙම ප්‍රදේශය උනවටුන ඓතිහාසික ප්‍රදේශයේ තිබෙන ගම්මානයකි. මෙය රාම රාවනා යුද සමය දක්වා මහා ඉතිහාසයක් ඇති අතර මෙම යුද්ධයේ දී හනුමන්තා හිමාලයේ කොසටක් රැගෙන යන අවස්ථාවේදී ඉන් කොටසක් මෙම උනවටුන ප්‍රදේශයට වැටුණු නිසා උනා වැටුන උනවටුන නම් වූ බව, ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ නිසා මෙම ප්‍රදේශය යම් ආකාශ වස්තු පොළවට ඇද ගැනීමේ පරිසරයක් ඇති බව ප්‍රදේශවාසීනගේ මතයයි. මෙම ආලෝක ධාරාව හරහා පැමිණියේ පිටසක්වල ජීවින්ද යන්නත් ප්‍රදේශයේ ජනතාව සැකකරති.

Gossip Lanka Hot News Previous News Archive