වැල්ලවායේ අහසට අලුත් තරුවක් ? Unidentified object in Wellawaya, Sri Lanka


මේ අතර ඊයේ රාත්‍රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කලේ මෙලෙසින්


"තනමල්විල පැත්තේ ඉඳන් තමයි ආවේ. රතුපාට එලියක් ආවා පීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් බස්නාහිර පැත්තට හැරිලා ගියා. තවම පේන්න තියනවා."

තවත් පුද්ගලයෙකු පැවසුවේ.

"පීරිසියක් වගේ එළියක් පාවීගන යනවා. ගිහින් දැන් නැවතිලා තියනවා අර හරියේ. ජීවිතේට අද තමයි මේ වගේ එළියක් දැක්කේ. තරුවක් කඩා වැටෙනවා වගේනම් දැකලා තියනවනේ."


මේ පිළිබඳව චන්දන ජයරත්න මහතාගෙන් කල විමසුමකදී ඔහු හීන් සීරිවේ ලිස්සා ගියේ මෙය මීතේන් බෝලයක් බව පවසමින්

"උඩින් යනවා මීතේන් වලින් හැදුන බෝල් එකක්. ඒක ගැන වාර්තා තියනවා වරින්වර. දේවතා එළි කියලත් සමහරු කියනවා. ඒක මේ වගේ එක පාරම අංශක 90 ට හැරිලා යනවා කියලත් කියනවා. එකපාරටම කියන්න බෑ මේක ගැන. අපි නොදන්න පියාඹන වස්තුවක් වෙන්නත් ඉඩ තියනවා"

මීට දින 5කට පෙරද බණ්ඩාරවෙල හා වැල්ලවාය අතර ප්‍රදේශයකදී උදේකාලයේ මෙවැනි එළියක් දර්ශනය වී තිබුණා.


පසුගිය ඔක්තෝබර් මස 8 වෙනිදා මහියංගනය, කෝවිල්යාය ප්‍රදේශයේද අද්භූත යමක් පුද්ගලයෙකු දැක තිබූ අතර එහි වීඩියෝව හා ඊයේ රාත්‍රී දර්ශනය වූ ආලෝකයේ වීඩියෝව පහතින්.






සබැදි පුවත්

Gossip Lanka Hot News Previous News Archive