ඒගොල්ලෝ මගේ අත මෙතනින් වෙන්කරා - මේ ඇගේ කථාවයි....

මාතර අචලා ප්‍රියදර්ශනී නමැති නීති විද්‍යාල සිසුවියගේ අත කපා දැමීම වෛද්‍යවරුන්ගේ බලවත් නොසැලකිල්ල මත වූවක් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. වෛද්‍ය විද්‍යාලයේ සිට උගන්වනුයේ අස්ථි බිඳීමකදී එය සවි වීම සඳහා පිටතින් ආවරණයක් (ප්ලාස්ටරයක්) දමන්නේ නම් එය මාංශ පේෂීන්වලට අපහසුතාවයක් නොවන ලෙස දැමිය යුතු බවය.

එහෙත් මෙම ශිෂ්‍යාවගේ අත කැඩී ගොස් තිබූ තැන ඉහළින් මාංශ පේෂී ඉදිමී තදබල වේදනාවක් ඇති වූ බවත් එම වේදනාව නතර කිරීම සඳහා රෝහ‍ලේ වෛද්‍යවරු පෙතිබින් නමැති ප්‍රබල වේදනා නාශක ඖෂධය දී ඇති බවත් ඇඳ ඉහපත් වාර්තාවේ සටහන්ව ඇතැයි අමාත්‍යංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.අනතුරුව ඇය කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බවද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ශිෂ්‍යාවට තම අත අහිමි වී ඇතැයි ඒ ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මූලික විමර්ශනවලින් අනතුරුව අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් ඇතුළු ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් යුත් කණ්ඩායමක් පරීක්ෂණය සඳහා යොදවා ඇත.


අසුරු සැනින් ජීවිතය උඩු යටිකුරු වෙද්දි දෛවය භාර දුන් අභියෝගය උපේක්ෂාවෙන් විඳදරා ගත් යුවතියක් ලෙස අචලා ප්‍රියදර්ශනි හැඳින්විය හැකියි.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනි මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ තරුණියකි.සිය නිවසේ පඩිපෙළකින් ගමන් කරද්දී සිදුවු අනතුරකින් ජීවිතයම වෙනස් වේයැයි ඇය කිසි විටෙක නොසිතන්නට ඇති.

මේ ඇගේ කථාවයි....


Gossip Lanka Hot News Previous News Archive