උපේක්ෂා ස්වර්ණමාලිට දික්කසාදයට අවසර - Upeksha Swarnamali ( paba ) Divorced

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට සිය සැමියා වූ මහේෂ් චමින්ද මහතාගෙන් දික්කසාද වීම සඳහා කොළඹ දිසා අධිකරණය අද අවසර ලබා දුන්නා.

 දෙදෙනා අතර ඇති වූ ආරවුලකින් පසු ගොනු කර තිබු නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කෙරුණා. උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ හිමිව ඇති වාහනය මෙතෙක් කල් භාවිත කර තිබුණේ මහේෂ් චමින්ද මහතායි.


 එය දින 03 ක් ඇතුළත මන්ත‍්‍රිවරියට බාරදෙන ලෙසයි නියෝග කෙරුණේ. එමෙන්ම, ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ දෙදෙනා විසින් පවත්වාගෙන ගිය ගිණුම දින 03 ක් ඇතුළත අහෝසි කරන ලෙසටද නියෝග කෙරුණා. එකිනෙකාට හානිවන පරිදි වාග් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසද කොළඹ දිසා අධිකරණය උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට සහ චමින්ද මහේෂ් මහතාට දැඩි ලෙස අවවාද කළා. 



Gossip Lanka Hot News Previous News Archive