'හලාල්' අර්බුදයෙන් ව්‍යාපාර 30%කින් කඩා වැටිලා

'හලාල්' සහතිකය සහිත වෙළෙඳ භාණ්ඩ අලෙවියේදී මතුව ඇති අර්බුදය නිසා තමන්ගේ ව්‍යාපාර 30%කින් කඩා වැටී ඇතැයි මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් 'හලාල්' සහතිකය පිළිබඳව පැන නැඟී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනුකාරක සභාවට පැමිණිලි කර තිබේ.

මෙම ගැටලුව නිසා තම ව්‍යාපාර තවදුරටත් කඩාවැටෙමින් පවතින බව පෙන්වා දී ඇති මුස්ලිම් ව්‍යාපාරිකයන් 'ජමියතුල් උලමා සංවිධානය' පවසන පරිදි 'හලාල්' සහතික සහිත භාණ්ඩ හා හලාල් සහතික රහිත භාණ්ඩ අලෙවි කිරීම දුෂ්කර බවත් පෙන්වා දී ඇත.
හලාල් කැබිනට් අනුකාරක සභාව ඉදිරියේ තොරතුරු ඉදිරිපත් කර ඇති සමහර ව්‍යාපාරිකයන් පවසා ඇත්තේ පානීය ජල බෝතල්, සිමෙන්ති කොට්ට හා ගම්මිරිස් කුඩු වැනි දේටත් හලාල් සහතිකය ලබා ගැනීම ගැටලුකාරී බවයි.තවත් ව්‍යාපාරිකයන් පිරිසක් කමිටුවට පෙන්වා දී ඇත්තේ හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවන මිල එස්.එල්.එස්. සහතිකය ලබා ගැනීමට ගෙවන මිලටත් වඩා අධික බවයි.
එමෙන්ම වැඩිපුර මුස්ලිම් ජන ප්‍රතිශතයක් ඇති ප්‍රදේශවලට හලාල් ලාංඡනය යෙදූ වෙළෙඳ භාණ්ඩ වැඩිපුර යැවීම සඳහා වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් ව්‍යාපාරිකයන් කැබිනට් අනුකමිටුවට පෙන්වා දී ඇත.

Gossip Lanka Hot News Previous News Archive