පැපිලියානේ 'ෆැෂන් බග්' වෙළඳසැලට ප්‍රහාරයක් - Pepiliyana Fashion Bug attacked

පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි ගබඩා සංකීර්ණයට මැර පිරිසක් විසින් අද (28) පස්වරුවේදී පහරදී තිබේ.අද (28) පස්වරුවේ සිට දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් පැවති බවත්, එහිදී පැපිලියාන මංසන්ධියේ වෙළඳසැලකටද අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

ගම්වාසින් විසින් එල්ල කල මෙම ප්‍රහාරයෙන් ෆැෂන් බග් වෙළඳසලේ දේපල වලට සහ ලොරි රථයකට හානි සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරයට ගම්වාසින් 100 පමණ පැමිණ තිබෙන අතර මෙම ගැටුමෙන් අනතුරුව මේ වන විට හිමිනමක් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.කැරළි මර්ධන හමුදාව සහ යුධ හමුදාව එක්ව කලබලය සංසිදවීමට උත්සහ කළ නමුත් රාත්‍රී දහය පසුවන විටත් මහජනයා තැන තැන එක්වී සිටියහ.
පහරදුන්නේ කවිදැයි පොලිසිය නොකියන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. 15 හැවිරිදි මුස්ලිම් තරුණයකු විසින් සිංහල තරුණියක් අපයෝජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම අරම්බවී ඇතැයි පැවසේ.


Gossip Lanka Hot News Previous News Archive