ලොව වයස්ගතම කාන්තාව 'උක්කු අම්මා'

ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස අවුරුදු 116ක් වයස බළන්ගමුවේ කෙහෙල්පන්නල අංක 82 ඒ, නිවෙස් පදිංචි අප්පුලත්ලෑ උක්කු මහත්මියගේ නම ගිනස් වාර්තාවට එක් කරන ලෙස නීතිඥ හේමන්ත සිටුගේ මහතා ලෝක ගිනස් වාර්තාවේ බි්‍රතාන්‍ය සහ ඇමෙරිකාවේ කර්තෘවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නීතිඥ සිටුගේ මහතා පසුගිය මැයි 22 වැනි දින මේ ඉල්ලීම කරමින් දන්වා ඇත්තේ ඇය පිළිබඳ මැයි 19 වැනි දින ඉරිදා 'මව්බිම' පත්තරයේ පළ වූ ලිපිය කියැවීමෙන් පසුවය.සිටුගේ මහතාගේ ලිපියේ සඳහන් වන්නේ ලෝකයේ වයස්ගතම කාන්තාව හැටියට ගිනස් වාර්තාවට සටහන් කිරීම පිළිබඳ සොයා බැලීමට ගිනස් වාර්තාවේ නියෝජිතයකු ලංකාවට එවන ලෙසය.

ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තාව පිහිටු වූ ඇමෙරිකාවේ ජෝර්ජියාහි බෙසි කුපර් මොන්රෝහිදී අභාවයට පත් වීමෙන් පසු ඊළඟට ලෝකයේම වයස්ගත කාන්තාව ලෙස පත් වූයේ අවුරුදු 114ක් වයසැති ජපානයේ මියාසෝ ඔකාවා මහත්මිය බවයි.

එහෙත් පසුගිය 19 වැනි ඉරුදින ඉරිදා 'මව්බිම' පුවත්පත උක්කු මහත්මිය පිළිබඳ සියලු විස්තර පළ කර ඇති බවත් ඒ අනුව 1897 උපත ලද ඇය මියාසෝවට වඩා වසර දෙකක් වැඩිමහල් බැවින් ලෝකයේ වයස්ගතම කාන්තාව ඇය බව නීතිඥ සිටුගේ මහතා පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive