David Cameron resigns after EU referendum result

ජනමත විචාරණය පරාජය වීම නිසා බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉල්ලා අස්වේ

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ අද ලැබුණ ජනමත විමසුම් ප‍්‍රතිඵලය අනුව බි‍්‍රතාන්‍යයට යුරෝපා හවුලෙන් ඉවත්වන්නට සිදුවීමේ යෝජනාව සියයට 52 ක වැඩි ඡන්දයෙන් දිනූ අතර එහිදී එම තීරණයට විරුද්ධ වන ලෙස ප‍්‍රචාරය ගෙන ගිය බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන්ගේ මතය පරාජය වූයේ එයට සියයට 48 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණක් ලබමිනි.

මෙම පරාජය තමන්ගේද පරාජයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තමා ඉල්ලා අස්වන පුවත මහජනයා හමුවේ තබමින් අද දහවල් 12.53 ට පමණ ඔහු ජාතිය අමතමින් සිය ඉල්ලා අස්වීමේ තීරණය ප‍්‍රකාශයට පත් කළේය.

ලබන ඔක්තෝබරයේ අලූත් අගමැති කෙනෙකු බි‍්‍රතාන්‍යය පාලනය කරනු ඇතැයි ඔහු එහිදී කියා සිටියේය.

ජනමත විමසුමේ ප‍්‍රතිඵල මත ඔහුට ඉල්ලා අස්වන ලෙස අද උදෑසන සිටම එරට විපක්ෂය ඉල්ලීම් කර තිබුණ අතර ඔහු එම ඉල්ලීම් වලට ගරු කරමින් මෙසේ ඉල්ලා අස්විය.
දැනට ලෝකයේ තිබෙන බලවත්ම තනතුරු අතරින් එකක් වන බි‍්‍රතාන්‍ය අගමැති ධූරය මේ ආකාරයට සියයට 4 ක ඡන්ද වෙනසක් නිසා අත්හරින්ට තීරණය කිරීම අගය කළයුත්තක් ලෙස දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.
ඔහුගේ අවසන් නිවේදනයේ වීඩියෝව පහතින්

Gossip Lanka Hot News Previous News Archive