House Of Lux - Product Launch

http://glhnp.blogspot.com/2016/06/house-of-lux-product-launch.html

රෝස මල් සුවඳ හා දශක ගණනාවක් පුරාවට බැඳුනු ලක්ස් නාමය ඊයේ (20) දින නවමු අත්දැකීමක් ලබා දුන්නේ රෝස මල් දස දහසක සුවඳ අතරිනි.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම උත්කර්ෂණීය අවස්ථාවට පැමිණි අමුත්තන්ට නෙත ගැටුනේ රෝස මල් පිපුණු සොඳුරු රෝස මල් උයනක සිරියයි.

ලක්ස් අසිරිය විඳිමට කලාප තුනක් වෙන් කර තිබුණු අතර,පළමු කලාපය වූයේ රෝස ලක්ස් හා සබැඳි ‘ලක්ස් සොෆ්ට් ටච්’ කලාපයයි. දෙවැන්න නම් ශීත ඍතුවක සිරිය ඉසුලූ සිල්ක් සෙන්සේෂන් කලාපයයි.

තෙවැනි කලාපය වූයේ ත්‍රිමාන තාක්ෂණය හා රෝස සුවඳ යොදා නිර්මාණය කල හොලෝග්‍රෑම් කලාපයයි. ජනප්‍රිය විලාසිතා නිර්මාණ ශිල්පිණී ඉන්දි විසින් විශේෂයෙන් රෝස සංකල්පය මත නිර්මාණය කළ විලාසිතා වලින් සැරසුණු නිරූපිකාවන් මෙම වේදිකාවේ දක්නට ලැබුණි.

අතීතයේදී ලක්ස් සුරූපිනියන් ලෙස ප්‍රකට වූ සිනමා තරු සබීතා පෙරේරා හා යශෝධා විමලධර්ම හට මෙහිදී උපහාරයක්ද සිදුකෙරුණි.

අවසාන වශයෙන් නව ලක්ස් තරුව වූ රිදී තිරයේ ප්‍රේමවන්තිය වන පූජා උමාශංකර්, රෝස මලක් පිපෙන පරිදි වේදිකාව මත ඉහළට ඔසවනු ලැබුවේ වොයිස් ප්‍රින්ට් හි සංගීතයට අනුවයි.

මෙහිදී අදහස් දක්වමින් යුනිලීවර් සමාගමේ පර්සනල් කෙයා අලෙවි අධ්‍යක්ෂක ශාර්මිලා බණ්ඩාර පවසන්නේ අනාදිමත් කාලයක් පුරා සුන්දරත්වය සහ අලංකාරත්වයට මූලික වූ ප්‍රංශ රෝස සුවඳ සහිත ලක්ස් සබන් කැට දැන් ෆ්ලෝරල් ෆියුෂන් ඔයිල් හා කැටිකොට තව දුරටත් සුන්දර කර ඇති බවයි.

“දැන් අපි ඉතා අනර්ඝ සුවඳ කැටිවූ ලක්ස් හඳුන්වාදීමෙන් තවත් ඉහල තලයකට පැමිණ සිටිමු. එය අපට සතුටක්.”

Gossip Lanka Hot News Previous News Archive