Sports Ministry admits ownership of Defender abandoned

Sports Ministry admits ownership of Defender abandoned in Maadiwela- Revelation by Ranjan
රන්ජන් කියන්නේ පට්ටපල් බොරු
ඩිෆෙන්ඩරයේ සියළු ලියකියවිලි මා සතුයි
රන්ජන්ට ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිගෙන් කනේ පහරක් - වීඩියෝ

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් බවත් එම ඩිෆෙන්ඩර් රථය වර්තමානයේ භාවිත කරන්නේ තමන් බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරීස් මහතා පැවැසීය.

ඩිෆෙන්ඩර් රථයට අදාළ සියලු ලිපිලේඛණ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින බවත් එය තමාට කලින් භාවිත කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත් ඔහු සඳහන් කළේය.

එම වාහනය පිළිබඳව ගැටලුවක් පැවැතියානම් තමාගෙන් හෝ පොලීසියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කටයුතු කළ යුතුව තිබුණත් රන්ජරන් රාමනායක මහතා එසේ නොකිරීම පිළිබඳව කනගාටුවෙන බවද හරිස් මහතා සඳහන් කළේය.

මාදිවෙල නිවාස සංකීර්ණයේ පැවැති මෙම ඩිෆෙන්ඩර් රථය ව්‍යාජ අංක සහිත ඩිෆෙන්ඩරයක් බවත් එය භාවිත කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පුද්ගලයිනට පහරදුන් බවත් නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (18දා) මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

"රන්ජන් රාමනායක ඇමතිතුමා අනවශ්‍ය ප්‍රශනයක්නේ මේ කියලා තියෙන්නේ. මේක නිල වශයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ වාහනයක්. හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කාලයේ (මේ වාහනය) මොකටද පාවිච්චි කළේ කියලා අපි දන්නේ නෑ. මම නියෝජ්‍ය අමාත්‍යවරයා වූවාට පස්සේ මේ වාහනය අපිට ලබාදුන්නා. මම දැන් පචිංචිවෙලා ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාසයේ. ඒ නිවාස පේළිමේ මම මේ වාහනය පාක් කරලා තිබුණේ. මේ ගැන මාදිවෙල නිවාස සංකීර්ණයේ පිහිටා ඇති පොලිස් පරික්ෂණ ඒකකයේ නිලධාරින් දන්නවා.

මේ ගැන ගැටලුවක් තිබුණානම් මගෙන් හෝ පොලීසියෙන් රන්ජන් ඇමතිතුමට මගෙන් අහන්න තිබුණා.එතන ගිහිල්ලා දොරවල් ඇරලා පරීක්ෂා කරන කොට ඇත්තටම මම කනගාටුවුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වාහනයේ ලියවිලි ඔක්කොම තියෙනවා. මේක අමාත්‍යාංශයේ වාහනයක්.

මාදිවෙල මන්ත්‍රීවරුන්ගේ වාහන ගොඩක් තියෙනවා. එයාගේ වාහනය පාක් කරලා තියෙනවා. අපි ඒක ගිහින් බලනවද? කලින් ඇමති කවුද පාවිචිකළේ මොකටද පාවිච්චි කළේ කියලා අපි බලනවද? මේ ගැන ගැටලුවක් තියෙනවානම් ඒ ගැන හොයන්න ඕන පොලීසියෙන්. පොලීසිය ක්‍රීඩා අමාත්‍යාශයට ඇවති එ ගැන පරික්ෂණ කරන්න ඕන. අපි දන්නේ නෑනේ කලින් මේක මොනවටද භාවිත කළේ කියලා." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Gossip Lanka Hot News Previous News Archive