ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක්


ශ‍්‍රි ලංකාව තුල ගණිකා නිවාස පිළිගත් වෘත්තියක් ලෙස නීතිගත කල යුතු යයි මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ළමා අපචාර හා දුෂණ වැළැක් විය යුතු යයි කොළඹ මහ නගර සභාවට පාලක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවතට පක්‍ෂව අදහස් දක්වමින් මහ නගර සභා මන්ත‍්‍රී නදීල් මානගොඩ මහතා මෙම නව යෝජනාව කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පුරුෂ පාර්ශ්වය බලවත් ලිංගික අසහනයෙන් පෙළෙන බවත් ඒ හේතුවෙන් ළමා අපචාර හා දුෂණ වැඩි වී තිබෙන බවත් ඔහු කීය. විවාහක පුරුෂයන්ට නිවසේදී බිරිඳ විසින් නිසි ආකාරයෙන් නොසැලකීම හේතුවෙන්ද මෙම අපචාරයන් වැඩිවී ඇතැයි කී මන්ත‍්‍රීවරයා ගණිකා  වෘත්තිය නීතිගත කර ගණිකා නිවාස ලංකාවේ ඉදි කිරීම ඊට සුදුසු ප‍්‍රතිකර්මය යයිද කීය.

Gossip Lanka Hot News Previous News Archive