ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති Sri Lanka beat New Zealand in Super over

 සුපිරි පන්දුවාරය නරඹන්න..
ලංකාව සහ නවසීලන්ත අතර පැවැත්වෙන 20/20 තරඟාවලියේ සුපිරි 8 වටයේ පළමු තරඟයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමද ලකුණු 174 ක් ලබාගැනීම නිසා තරගයේ ලකුණු තත්ත්වය සමවිය.

ඒ අනුව යළි සුපිරි පන්දු වාරයක් ලබාදුන් අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාරයේදී ලකුණු 13 ක් ලබාගැනීමට සමත්විය.

පසුව සුපිරි පන්දුවාරයේ පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට ලකුණු 14 ක අදාළ ඉලක්කයට ළඟාවීමට නොහැකිවිය.

Gossip Lanka Hot News Previous News Archive