බෑණාගේ පොරෝ පහරින් මාමාණ්ඩිය මරුට

ගලෙන්බිදුනුවැව, ඌරාතොටේ ප්‍රදේශයේදී ඊයේ(30) පොරොවකින් ගසා පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් වූ රන්නයිදේගේ දයාරත්න නමැති සියඹලාකුළම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



සිය දියණිය සහ ඇගේ සැමියා අතර ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා මියගිය පුද්ගලයා මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ දී දියණියගේ සැමියා මෙම පුද්ගලයාට පොරවකින් පහරදීම හේතුවෙන් මෙම මරණය සිදු වී ඇතැයි පොලිසිය පවසයි. ඉන් බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගලෙන්බිදුනුවැව පොලීසිය සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive