ෆෙඩ්රිකා ජෑන්ස් රට පනී, Arrest warrant against Frederica

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග පිට වරෙන්තු කාරියක්ව සිටි සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරිය වන ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය තම දරු දෙදෙනාද සමග ශ්‍රී ලංකාව හැරදා වෙනත් රටකට ගොස් ඇතැයි වාර්තාවේ.


ඇය යළි ශ‍්‍රී ලංකාවේ පදිංචියට නොඑන බවට ඇගේ සමීපතමයන්ට පවසා ඇතැයිද පැවසේ.

පසුගියදා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිමිකාරිත්වය වෙනස් වීමත් සමග සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ධූරයෙන් ඇයව ඉවත් කරනු ලැබුවාය. ඇය එම පුවත්පතේ කර්තෘ ධූරය භාරගනු ලැබුවේ හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වීමෙන් පසුවය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවේ සාක්‍ෂිකාරියක වූ ෆෙඩිරිකා ජෑන්ස් මහත්මියට එකල ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ආරක්‍ෂාවක් ලබා දී තිබූ නමුත් අනතුරුව ඇය විසින් පළ කල ආන්දෝලනාත්මක ලිපි ලේඛන හේතුවෙන් ඇයට ජීවිත තර්ජනයක් ද එල්ල වී තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට අපහාස වන අන්දමින් පුවත් පළ නොකරන ලෙස ලබාදී තිබුණු අධිකරණ නියෝගය පැහැර හැරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය පසුගිය (06) වැනිදා නියෝග කර තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive