Sports Ministry rewards world champion Nishantha,කැරම් ලෝක ශූර නිශාන්තට මුදල් තෑගි සහ රජයේ රැකියාවක්

 ක්‍රීඩා අරමුදලෙන් රු.ලක්ෂ 10 ක මුදලක් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවක්

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් 6වැනි ලෝක කැරම් ශූරතාවලියේ අංක එකේ ක්‍රීඩකයා වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් නිශාන්ත ප්‍රනාන්දුට මුදලින් රුපියල් දස ලක්ෂයක් සහ රජයේ රැකියාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇත.

ක්‍රීඩා ඇමැති මහින්දාන්ද අලුත්ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් ක්‍රීඩා අරමුදලෙන් අදාළ ත්‍යාගය ලබාදෙන අතර ඒතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවක් ලබාදීමට පියවර ගෙන ඇත.



කැරම් ශූරතාවලියේ දී දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට රජයේ ගෞරවය පිරිනැමීම ක්‍රීඩා ඇමැතිතුමන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරි දිනකදී සිදු කිරීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර මට්ටමේ කැරම් තරගයක කේවළ ඉසව්වකින් රන් පදක්මක් හිමිකර ගත් පළමු ක්‍රීඩකයා ලෙස නිශාන්ත ප්‍රනාන්දු වන අතර ජාත්‍යනතර තරගාවලියක කේවළ ඉසව්වකින් රන් පදක්කම් දිනාගත් දෙවැනි ක්‍රීඩකයා ලෙසද ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

මේවර තරගාවලි‍යේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත්විය.‍‍

Gossip Lanka Hot News Previous News Archive