චීනයේ නව නායකත්වය ෂී ජින්පින්ට

මීළඟ චීන ජනාධිපති ධුරයට පත්වීම තවදුරටත් තහවුරු කරමින් උප ජනාධිපති ෂිං ජින් පින්ග් අද චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප‍්‍රධාන ලේකම් ධුරයට පත් කෙරුණා. අද පෙරවරුවේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිය රැස් වූ අවස්ථාවේදී මෙම පත්වීම් සිදු කෙරුණා. එසේම ඔහුව පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද පත්කොට තිබෙනවා.

පක්ෂ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවට නව සාමාජිකයන් පත් කිරීමද අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ෂී ජින්පින්ග් නව අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත ලී කෙචියාන් ඇතුළුව තවත් හත් දෙනෙකු ඒ සඳහා නම් කොට තිබෙනවා. මීට පෙර ස්ථාවර කමිටුවේ සාමාජික සංඛ්‍යාව 9ක්. චීනයේ බලවත්ම සංවිධානය වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවයි. ස්ථාවර කමිටුව නම් කිරීමෙන් පසු ෂිං ජින්ග් පෙරටු කරගත් එහි සාමාජිකයන් බෙයිජිං මහජන මහා ශාලාව හෙවත් පාර්ලිමේන්තුවේදී දෙස් විදෙස් මාධ්‍ය හමුවුණා.
එහිදී මාධ්‍යවේදීන්ට ස්තුතිය පළකළ අනාගත ජනාධිපතිවරයා දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවේ සෙසු සාමාජිකයන් හඳුන්වා දුන්නා. ඒ තරින් මීට පෙර මෙම කමිටුව නියෝජනය කර ඇත්තේ නව අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත ලී කෙචියාන් පමණයි.
දැනට 59 වැනි හැවිරිදි වියේ පසුවන ෂිං ජිං පිං මහතා වෘත්තියෙන් රසායන ඉංජිනේරුවෙක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආදී කතෘවරයෙකුගේ පුත‍්‍රයෙකු වන ඔහු චීනයේ සිංහුවා විශ්ව විද්‍යාලයේ උපාධිධාරයෙක්. දෙදරු පියෙකු වන ඔහු විවාහ වී සිටින්නේ චීනයේ ජනපි‍්‍රය ජන ගී ගායිකාවක හා නිළියක වන පෙන්ග් ලියුවන් සමගයි. ඔහු ජනාධිපති ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේදීයි.

Gossip Lanka Hot News Previous News Archive