එළිමහනේ මුත්‍රා කරන්නන් දුටු විට නලා පිඹීමේ සැලසුමක්, Indian bid to stop public peeing



 එළිමහනේ මුත්‍රා සහ ශරීර කෘත්‍යයන් කිරීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය දර්ශනයක්
මහජනතාව වැසිකිලි පාවිච්චිය සඳහා යොමු කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්කරන බව බටහිර ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ නිලධාරීහු නිවේදනය කළහ.

එම වැඩ පිළිවෙල යටතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි එළිමහනේ මුත්‍රා සහ ශරීර කෘත්‍යයන් කරන ජනයා සොයා බැලීමේ ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් පත් කිරීමට රාජස්තානයේ තිහකට අධික ගම්සභා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Nearly half of India's 1.2 billion people have no toilet at home and they defecate in the open.

එවැනි ක්‍රියාවක නිරත වන තැනැත්තකු දුටු විට එම ස්වේච්ඡා සේවකයන්ට පැවරී තිබෙන්නේ කෑ ගැසීම, නලා පිඹීම හෝ බෙරයක් ගැසීමයි.

වැසිකිලි තනා ගැනීම සඳහා මුදල් සපයා ඇති හෙයින් එළිමහනේ මුත්‍රා සහ ශරීර කෘත්‍යයන් කරන පුද්ගලයන්ට නිදහස සඳහා කිසිදු කරුණක් නැති බවයි නිලධාරීන් පවසන්නේ.

එළිමහනේ මුත්‍රා සහ ශරීර කෘත්‍යයන් කිරීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය දර්ශනයක් වී ඇති අතර එය මහජන ශරීර සෞඛ්‍යයට ඉතාම හානිකර බලපෑමක් සහිත පුරුද්දක්.

Gossip Lanka Hot News Previous News Archive