දෝෂාභියෝගය විභාගයට ගනු බැහැ,A Group of Lawyers interpret The impeachment motion.

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාගයට ගැනීමට නොහැකි නෛතික බාධාවක් ඇතැයි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බව කියන නීතිඥවරුන් පිරිසක් පවසනවා. ඔවුන් අද පැවැත්වු මාධ්‍ය හමුවක දී ඊට හේතු දැක්වුයේ නීතිඥ ලාල් විජේනායක මහතායි.




මෙම දෝෂාභියෝගය හදිසියේ ගෙන ආවක් නොව කලක් තිස්සේ සැලසුම් කළ එකක් යැයි සැක සිතෙන බව ජනාධිපති නීතිඥ ශ‍්‍රිනාත් පෙරේරා මහතා පැවසුවා. ඊට සාක්‍ෂියක් ලෙස පෙන්වා දුන්නේ අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් මහතා එන්.එස්.බී සභාපති ලෙස පත් කරනු ලැබීමයි. මතභේදාත්මක එන්.එස්.බී - ද ෆිනෑන්ස් කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින්නේ ද ඒ මහතා බව සිහිපත් කෙරුණා.



නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.


මේ අතර මෙම දෝෂාභියෝගය විභාගයට ගන්නා තේරීම්කාරක සභාවට විපක්‍ෂයේ නියෝජනය වැඩි කරන්නැයි කථානායකවරයාගෙන් අද නිල වශයෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ බව කියා සිටියේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතායි.




Gossip Lanka Hot News Previous News Archive