Jeena Madam" to a three-year prison, ජීනා මැඩම්ට වසර 3ක සිරදඬුවම්

කාන්තාවක දූෂණය කිරීම හා ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාව මත වරදකාරිය වූ රෝස්මරී ජූඞ් ටිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම්ට වසර තුනක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ අද (09) නියෝග කළාය.

මීට අමතව රුපියල් විසිපන්දහසක දඩ මුදලක්ද නියම කළ අතර එම දඩය නොගෙවන්නේනම් තව්ත මාස හයක අතිරේක සිර දඩුවමකට යටත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.


2007 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදා සහ 31 වැනිදා අතර කාලය තුළදී කාන්තාවක ගණිකා වෘත්තීයේ යෙදවීම හා කුට්ටනය කිරීමේ චෝදනා මත 2007 වසරේ ඔක්තෝබර් මස 3 වන දින කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව නඩු පැවරීය.

Gossip Lanka Hot News Previous News Archive