උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය , Where to be born in 2013

ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බවයි. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 63 වැනි ස්ථානය  හා  ඉන්දියාවට 66 වැනි ස්ථානය  හිමිවී තිබේ

ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නන් ඉහළ ගුණාත්මක භාවයක් බුක්ති විඳින බවය. ඉතාමත් සතුටින් ජීවත්වන බවය. දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තෙවැන්න නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර මුල් රටවල් හතරම ස්කැන්ඩිවෙනියා රටවල් වෙයි.


මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම් මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර ඇති දැඩි විශ්වාසය, අපරාධ අඩුවීම, ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ ඇති පවිත‍්‍රභාවයයි. ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය, ජන විකාශනය, සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත. 2013 දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන 2030 වර්ෂයේදී ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත.

මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි.

ඉපදීමට නරකම රට නයිජීරියාවයි.

  මූලාශ‍්‍ර –The Economist





Gossip Lanka Hot News Previous News Archive