යාචකයකුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක්

පැයකට ආදායම රුපියල් 2000


දුම්රියක සිඟමනේ යෙදෙමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙකුගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 20ක් තිබු බව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ප‍්‍රකාශ විය.

තවද ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ ති‍්‍රරෝද රථ දෙකක්ද ඔහු නමින් ලියාපදිංචි වී ඇතැයි හෙලිදරවුවී තිබේ.

දුම්රියවල සිඟමනේ යෙදුණු තවත් 36 දෙනෙකුද එම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් සියලූ දෙනාට රුපියල් දෙදහස බැගින් දඩ නියම කල අතර, වසර 5කට අත්හිට වූ මාස හය බැගින් සිරදඬුවම්ද නියම කෙරින.



කෙසේවුවද, එළැඹෙන උත්සව සමයේදී දුම්රියවල සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලිම් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පවසයි.

දුම්රියවල සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත්තත් මගීන්ගෙන් සාක්ෂි නොමැතිවීම නිසා අධිකරණයේදී ඔවුන් වරදකරුවන් කිරීම දුෂ්කර බව ඔහු සදහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive