ලැම්බෝගිනි රේස් අතරේ, පෙට‍්‍රල් මිල නගී

"කළම්බො නයිට් රේස්" ලෙස නම් කර ඇති මෝටර් රථ ධාවන තරගය කො‍ළඹ ගාලුමෝදර පිටිය ඉදිරිපිට මාර්ගයේ ඊයේ (14) ආරම්භ වූ අතර, කෙසේවුවද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල ද රු.10 න් ඉහළ නංවා තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.



පෙට‍්‍රල් මිල අවසන් වරට වැඩි කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදාය. එහිදී පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවනු ලැබිය.

කෙසේ නමුත් මෙවර ඞීසල් හෝ භූමි තෙල් මිල ඉහළ නංවා නොමැති අතර, ඒ අනුව ඞීසල් ලීටරයක මිල රුපියල් 115ක් ලෙස ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106ක් ලෙස ද තවදුරටත් පවතිනු ඇත.
ලොව දෙවන විශාලතම ඉන්ධන පරිභෝජකයා වන චීනය තෙල් මිල 5%කින් අඩුකර තිබේ.

මෙය චීනය මාස 2ක් තුළ ගණන් අඩු කළ තෙවන අවස්ථාව බව බීබීසී සේවය පවසයි.

රට තුළ තෙල් ඉල්ලුම පහළ යාම හේතුවෙන් චීනය මේ පියවර ගෙන ඇතැයි වෙළඳපොල වාර්තා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive