ඇමෙරිකාවේ දරුවන් 22ක් ඝාතනය කල ඝාතකයා සිය මවත් ඝාතනය කරලා

ඇමෙරිකාවේ කොන් ප්‍රාන්තයේ නිව් ටවුන් හි ප්‍රාථමික පාසලකට (14) කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි පහරින් මියගිය කුඩා දරුවන් 22ක් ඇතුළු 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවත සැලවිමත් සමග ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති බැරැක් ඔබාමා ධවල මන්දිරයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළේ කදුළු සලමින් බව විදෙස් වාර්තා වල දැක්වේ. මෙම සිද්ධියෙන් මිය ගිය හා විපතට පත් සැම ගේ පවුල් වෙත ‍ශෝකය ප්‍රකාශ කරමින් ඇමෙරිකානු ‍ ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශයක් වශයෙන් මෙවැනි සිද්ධීන් වලට මුහුණදීමට සිදුවූ අවස්ථාගණන වැඩි බවත්, ඉදිරියේදී මෙවැනි ඛේදනීම සිදුවීම් ඇතිවීම වැළැක්වීමට දේශපාලන මතමතාන්තර පසෙක තබා එක්විය යුතු බවත්ය.


මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඇඩම් ලැන්සා නම් 20 හැවිරිදි තරුණයෙක් බව පැවසේ.

මෙම ඝාතන සිදුකිරීමට පෙර සිය මවද ඔවුන්ගේ නිවෙස තුළ ඝාතනය කර ඇති බව මේ වන විට හෙළි වී ඇති අතර, ඇයද මෙම පාසැලේ රැකියාවක් කර ඇතැයි නිල නොවන වාර්තා වල දැක්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වයස 05 -10 දක්වා වූ ළමුන් සිටි සැන්ඩි හුක් ප්රාවථමික පාසලේ සිදුකළ‍ මෙම වෙඩිතැබීමෙන් ළමුන් 18 ක් එම ස්ථනයේදී ද තවත් දෙදෙනෙකු රෝහලේදී ද මියගොස් ඇත.

මීට අමතරව, පාසැලේ විදුහල්පතිනිය ඇතුළු වැඩිහිටියන් පස් දෙනෙකුද මියගොස් ඇති අතර, ඝාතකයාද පසුව සියදිවි හානිකරගෙන තිබේ. ඝාතනය සඳහා යොදාගත් තුවක්කු 3 ඝාතක තරුණයාගේ මව විසින් නීත්යාරනුකූලව මිලදී ගත් ඒවා බව සඳහන්වේ.

මෙම සිද්ධියෙන් විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීම සඳහා වොෂින්ටන් අගනුවර ඇතුළුව අමෙරිකාවේ ප්රනධාන ස්ථානවල ජාතික ධජය අඩකුඹුකර තිඛෙන අතර, ධවල මන්දිරය ඉදිරිපිට මියගිය ළමයින් වෙනුවෙන් ඉටිපහන් දැල්වීමක්ද සිදුවේ.

බ්‍රිතාන්‍ය මහ රැජින ඇතුළු ලෝ පුරා නායකයන් සිද්ධිය සම්බන්ධයෙන් සිය කම්පාව පළ කර පණිවුඩ එවා ඇතැයිද විදෙස් මාධ්යල වාර්තා කරයි. පුද්ගලයන් 27 දෙනෙකුට මරු කැඳවූ මෙම සමූහ ඝාතන සිද්ධියෙන් පසු ගිනි අවි පාලනය කිරීමේ පියවර කරි් යාත්මක කරන ලෙස ඉල්ලා ඇමෙරිකානුවන් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඊයේ වාර්තාවූයේ 2012 වසරේ ඇමරිකාවේ සිදුවූ තෙවැනි සමූහ ඝාතන සිද්ධියයි.

 1 ඇමරිකාවේ පාසලකට පැන සිසුන් 26ක් වෙඩි තබා මරා දමයි

Gossip Lanka Hot News Previous News Archive