ප‍්‍රදේශ කිහිපයකින් ආකාශ වස්තු හමුවෙයි


දිඹුලාගල, වලස්මුල්ල, හම්බන්තොට සහ ගම්පහ ඇතුළු ප‍‍්‍රදේශ කිහිපයකට ආකාශ වස්තු පතිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ජෙනිමිට්, උල්කාපාත වර්ෂාවේ බලපෑම හේතුවෙන් මෙලෙස ආකාශ වස්තු පතිත වී ඇතැයිද ඔහු කීය.

ශී‍්‍ර ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවලට මීට පෙරද ආකාශ වස්තු පතිතවී ඇතත් මෙවර පොලවට පතිතවී තිබී සොයාගත් ආකාශ වස්තු තරමක් විශාල බවද ඔහු සඳහන් කළේය.



අහසින් වැටුණු වස්තුවක් හේතුවෙන් වලස්මුල්ල දකුණු කණුමුල්දෙණිය කහතැල්ලගොඩ ප‍‍්‍රදේශයේ කොස් ගසක් ගිනි ගැනීමකට ලක්වීමේ පුවතක්ද වාර්තා වේ.

මේ අතර දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ‍‍්‍රයට ඊයේ (15) රාත‍‍්‍රියේ ඇද වැටුණු ආකාශ වස්තු බවට සැළකෙන පාෂාණ කැබලි වැඩිදුර පරීක්ෂණ සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවද පැවසේ.

එම පාෂාණ කැබලි එක්රැස් කර ඒවා පොලීසියට භාරදී ඇත්තේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි.












උල්කාපාතයක් වැටීමෙන් කොස් ගස මුදුනේ ගින්නක් (ඡායාරූප)

 





 


Gossip Lanka Hot News Previous News Archive