ලෝක විනාසෙන් බේරීමට චීනේක්ගෙන් "බෝලයක්"' apocalypse' Chinese survival pods

මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන පුද්ගලයන් ඒ සඳහා සූදානම් වෙද්දී චීන වැසියෙක් සුනාමි වලට ඔරොත්තු දෙන යෝධ කැප්සියුල මගින් මිනිස් වර්ගයා ගලවා ගැනීමට යයි.

වානේ රාමුවක් මත ෆයිබර්ග්ලාස් වලින් සකසන ලද මෙම කුටියක වියදම ඩොලර් 48000 ක් වන අතර ඔක්සිජන් ටැංකි, ආහාර සහ ජලය මෙන්ම කුණාටු වලදී ආරක්ෂා වීමට ආසන පටි වලින්ද යුක්තය.

මීටර් 1000 ක් උස රැල්ලකදී පවා මෙම කැප්සියුලය ආරක්ෂාකාරී වන අතර පීඩනයට හොඳින් ඔරොත්තුදෙන බව මෙහි නිරිමාතෘ ලියු කියෑන් බීජිං හිදී AFP වෙත කියා ඇත.


එකවර 14 දෙනෙකු ගෙනයා හැකි පරිදි සකසා ඇති මෙහි 30 දෙනෙකුට වුවත් මාස 2ක් වත් දිවි රැකගත හැකියයි ඔහු අවධාරණය කරයි. එසේම උත්තර හෝ දක්ෂිණ ධ‍්‍රැව වල මාස 4ක් මේ තුල ශීතලෙන් ගල් නොගැසී සිටිය හැක. 2012 නම් චිත‍්‍රපටය නැරඹීමෙන් තමා මෙම ගෝල සෑදීමට පෙලඹුනු බව ඔහු කියයි.

ඇත්තෙන්ම ලෝක විනාශයක් වන්නේ නම් මිනිස් වර්ගයා බේරා ගැනීමට තමන් යම් දායකත්වයක් සැපයූබව මිනිසුන් කියනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

කෙසේ වෙතත් මේවා තවම විකුණා ගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදනය සඳහා ලබාගත් ණය පියවීමට නොහැකිව දැන් ඔහු ලතවෙයි.

මෙසේ ලෝක විනාශයෙන් ආරක්ෂා වීමට උත්සාහ කර ඇත්තේ ලියු පමණක් නොවේ. නැගෙනහිර ජී ෂියැං ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ද මෙවැනි ගෝලාකාර නෝවාගේ නෞකා 21 ක් නිපදවා යුවාන් මිලියන 5 කට විකිණීමට බලාපොරොත්තු වෙයි.

නැගෙනහිර සින් ජියෑං පලාතේ ඩොලර් 160000 ක් වැයකර ගංවතුරෙන් බේරීම සඳහා නැවක් සාදන ලද පුද්ගලයෙක් ඇත. චීන අධිකාරීන් හා පොලීසිය මෙම ලෝක විනාශය බොරුවක් බව මහජනයාට තේරුම් කිරීමට මහත් වෙහෙසක් දරති. මිත්‍යා වලට නොරැවටී විද්‍යාත්මක ලෙස සිතන්නැයි ඔවුන් ජනතාවට කියා ඇත.



 මූලාශ‍්‍ර – 01








Gossip Lanka Hot News Previous News Archive