ශ්‍රී ලංකා නීතීඥ සංගමය නව අගවිනිසුරුවකු පිළිනොගැනීමට තීරණය කරයි - The Bar Association of Sri Lanka Will not welcome a newly appointed Chief Justice

නිසි ක්‍රමවේදයක් ඇති නොකර, විශේෂයෙන් ස්වභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව, අග්‍ර විනිශයකාරවරයෙක් පත් කරන්නේ නම් එම අග්‍රවිනිශචයකාරවරයාව පිළිනොගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර ඇත.


2000කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීම අද (15) අළුත්කඩේ පරිශ්‍රයේදී කැඳතා තිබූ අතර එහිදී අගවිනිසුරු ආචාර්ය ශිරා‍ණි බණ්ඩාරනායක මහතිමියට එරෙහි දෝෂාභයෝ‍ගයට සම්බන්ධ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් යෝජනා තුනක් ඒකමතිකව සම්මතකර‍ගෙන තිබේ.


01. 2012.12.11 වෙනිදා ජනාධිපතිවරයා විසින් කළ කතාව පරිදි පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ‍ගොනුකරනු ලැබූ වාරත්තාව නැවත සලකාබැලිය යුතුයැයි ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය අනුව එය නැවත සලකා බැලිය යුතුය.



02. ඉහත දෝෂාභියෝගය සම්බන්ධයෙන් ස්වභාවික යුක්ති මුලධර්මය පදනම් වන පරිදි ක්‍රියාපටිපාටික නීතීන් ස්ථාපිත කළ යුතු යැයි කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට බලකර සිටී

03. ස්වභාවික යුක්ති මූලධර්මය මත පදනම්ව පැවැත්වෙන සාධාරණ නඩු විභායකින් තොරව වත්මන් ගවිනිසුරුවරිය ඉවත්කරන්නේනම් සහ ඒ මත පදනම්ව නව අගවිනිසුරුවරයෙකු පත්වන්නේනම් එම තැනැත්තා හෝ තැනැත්තිය අගවිනිසුරු ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිනොගනී.

Gossip Lanka Hot News Previous News Archive