හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක් ! Human faeces attack on Hirunika’s residence.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂමන් පෙ‍්‍ර්චන්ද‍්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රහාරයක් එල්ලකර ඇතැයි  වාර්තා වේ.

ගල්මුල්වලට අමතරව ඇගේ නිවසට අසූචිවලින්ද පහරදී ඇතැයි පැවසේ.

ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ දී සිදුවූ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ ඊයේ (03) බෝධි පූජාවක් පැවැත්වෙද්දී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් පමණ දුරින් කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබිනි.

හිරුණිකාට සහය දැක්වූ පිරිසක් දුමින්දට සෙත්පතා මගදෙපස ප‍්‍රදර්ශනය කර තිබූ කටවුට් කිහිපයක්ද කඩා දමා විනාශකර තිබූ බව ද වාර්තා විය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පියා, සමීප නෑයන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම බෝධි පූජාවට පැමිණ සිටියහ.

ගිය වසරේ සිදුවූ අදාල ගැටුමේදී ජනාධිපති උපදේශක භාරත ලක්මන් ප්‍රේමචන්ද ඇතුළු සිවු දෙනෙක් ඝාතනයට ලක් වූහ.

Gossip Lanka Hot News Previous News Archive