නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් ඇත

 නිදන් හොරු සෑයත් හාරති
ඊයේ (03) රාත්‍රී ඌව පරණගම බෙරලිය පොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ධාතු ගර්භය හාරා කොත්වහන්සේ නිධන් හොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත. ඉපැරණි රජමහා විහාරයට අතුලු වී ඇති නිධන් හොරුන් විහාරස්ථානයේ චෛතයේ ගර්භය හාරා තිබේ.
කෙසේ වෙනත් එහි ඇතුළත කිසිවක් හොරුන්ට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් තිබේ. ඊයේ උදෑසන විහාරස්ථානයේ හීල්දානය රැගෙන පැමිණි දායක පිරිසක් චෛත්‍ය වන්දනාමාන කිරීමට ගිය අවස්ථාවේ ගර්භය බිඳ තිබෙනු දැක මේ බව සැල කර තිබේ.

විහාරාධිපති හිමිද ඉතාමත් වයොවෘද්ධ අතර එය වාසියක් කොට ගෙන නිදන් හොරු මේ අපරාධය සිදුකොට ඇත. මේ පිළිබඳව ඌව පරණගම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත දිසානායක ප්‍රමුඛ නිලධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වති.








Gossip Lanka Hot News Previous News Archive