මට හිරිහැර කරනකොට බැලූවෙ නෑ, දැන් චූන්ද – ෆොන්සේකා අධිකරණයෙන් අසයි

තමන්ට අසාධාරණයක් වන විට නිහඬව සිටි අධිකරණයට දැන් ඇස් ඇරී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නඩුවතට පෙනී සිටීමෙන් අනතුරව පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ කීය.

‘දෝෂාභියෝගය කොට්ටෝරුව කෙහෙල් ගහට ඇණල පටලව ගත්ත වගේ මේකේ පරාජය පිළිගන්න වෙලා තියෙනව ඒක පිටුපස සිටි පුද්ගලයට.

අපි ඔක්කොම දන්නව මේක කලේ පුද්ගලක වෛරයක් පිරිමහගන්න. බොරු චෝදනා දාල මට කරපු අසාධාරණ ක‍්‍රියාදාමය කරන්න ගියේ.

දැන් මෙකෙන් ගැලවෙන්න හදනව තේරීම් කමිටුවයි පාර්ලිමේන්තුවයි පාවා දීල. අධිකරණයට දේශපාලන ඇඟිලි ගැසීම් කරනවද නැද්ද කියල දැන්වත් අධිකරණයට පිළිගන්න සිද්ධවෙලා තියෙනව.

අපට අසාධාරණ වෙනකොට ඒක පිළිගත්තෙ නෑ. නමුත් දැන් අධිකරණයට ඒ හැන්දෙන්ම බෙදන හින්ද අධිකරණයට සිද්ධවෙලා තියෙනව දේශපාලන ඇඟිලි ගැසීම් මේ රටේ අධිකරණයට තියෙනව කියල පිළිගන්න’


Gossip Lanka Hot News Previous News Archive