නාඳුනන වස්තු ගැන කියන්න දුරකථන අංකයක්

 නාඳුනන දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි.
මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හඳුනානොගත් වස්තූන් පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අහසේ සැරිසන හඳුනානොගත් වස්තූන් පිළිබඳ වාර්තා වු බවසෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



ඉදිරියේදී මෙවැනි ආකාශ වස්තූන් නිරීක්ෂණය කළහොත් වහාම ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එමෙන්ම පොළොව මතුපිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පාෂාණවලට අමතරව ආගන්තුක පාෂාණ කැබලි හෝ ලෝහ කැබලී නිරීක්ෂණය කළහොත් ඒ පිළිබඳව ද වෛද්‍ය පර්යේෂණ ආයතනයට 0112-693532 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

Gossip Lanka Hot News Previous News Archive