මගෙ ෆිගර් එකට ආස අය ගොඩාක් හිටියා - Chat with Sumana Gomas


සුමනා ගෝමස් පසුගිය කාලයේ මහත් කතා බහට ලක් වු චරිතයක්.ඇය නැවතත් ලංකාවට පැමිණිම සමඟ ඇය මෙසේ කතා බහට ලක්වන චරිතයක් වුවා.ඇය මෙසේ සිය මව් රටට පැමිණ තිබුණේ වසර 11 කින්.එසේ දිගු කලකට පසුව පැමිණි ඇය මෙරට රැදී සිටියේ සති කිහිපයක් පමණි.තමන්ගේ ආදරණීය මව හා යහළුමිත්‍රාදින් සමඟ බොහෝ සතුටින් තමන්ගේ නිවාඩුව ගත කළ ඇය පසුගිය දා නැවතත් ඇමරිකාව බලා පිටත් වුණා.ඇය මව්බිම පුවත්පත සමග කල කතා බහා පහත පරිදිවේ

දැනට පදිංචිය?

අමෙරිකාවේ නිව්යෝර්ක්වල.

සුමනා ගෝමස් කිව්ව ගමන් ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ කාම ධේනුවක් කියන හැඟීම... එහෙම වෙන්නේ ඇයි?

මම චිත්‍රපට කරපු කාලේ තාක්ෂණය ඒ තරම් දියුණු මට්ටමක තිබුණේ නෑ. ඒත් මම පුදුම වෙන්නේ තාක්ෂණය මේ තරම් දියුණු වෙලා, ඉන්ටනෙට් මේ තරම් දියුණුවෙලා තියෙන කාලෙකත් මට ඒ වගේ කතා කරන එක ගැන විතරයි. චුට්ටක් හිතලා බලන්න දැන් අපේ අය ඔය එල්ලිලා බලන හොලිවුඩ් චිත්‍රපටවල විදියට මම කළා නම් සුමනා ගෝමස් කියන නිළිය ජීවතුන් අතරත් නෑ. ඉතින් ඔය අතරේ සමහරු මට කාමධේනුව කියද්දි සිංහල සිනමාවේ ගිනිසිළුව කියන ගෞරවය මට දුන්නෙ පස්සෙ කාලෙක ඝාතනය වුණු රෝහණ කුමාර කියන මාධ්‍යවේදියා. ඒ ආමන්ත්‍රණයට මං කැමැතියි. මොකද මෙහේ ඉන්න හැම නිළියටම සිංහල සිනමාවේ ගිනිසිළුව වෙන්න බෑනේ.

කෙනෙක් ඔබ ගැන කතා කරද්දි නිරුවත මුල් කරගෙන ඔබට ඇඟිල්ල දිගු කරනවා....?

ඒක වැරැදි වැටහීමක්. ඇඟේ නූල්පටක් නැතිව මම කිසිම චිත්‍රපටයක රඟපාලා නෑ. මම කළේ අඩ නිරුවත් කියන දේ විතරයි. ඒක සමහර විට බේ‍රස්ට් එකෙන් බාගයක්, කකුලෙන් බාගයක් වෙන්න පුළුවන්. නමුත් සිනමාපටයට අදාළ නම් එය වරදක් ලෙස මම දකින්නෙ නෑ.

වසර 2550ක බෞද්ධ උරුමයක් තියෙන, සංස්කෘතිය, සදාචාරය ඔටුන්නක් කරගත්තු රටකට ඔය අදහස ගැළපෙයිද?

එතකොට මං අහනවා ඔය තරම් සදාචාරයක් තියෙන රටක මගේ කකුලක් දැකලා ඔක්කොම අය කුලප්පු වුණේ කොහොමද කියලා.
දැන් අපි ඕකම මෙහෙම හිතලා බලමු. අපි හැමෝම බලන්නෙ අපේ දරුවන් ඉතාම හොඳින් හදන්න. කොච්චර ගෙවල් අස්සට දාගෙන හැදුවත් එක්තරා කාලයක් එනවානේ අම්මලාට තමන්ගෙ තුරුලෙන් දරුවන්ව නිදහස් කරන්න වෙන. ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මේ දරුවෝ වෙනස් වෙනවා. රටේ තොටේ දේවල් කතා කරනවා. අද කාලේ වගේනම්

Internet එකත් බලනවා. Smoke කරනවා. ගැහැනු ළමයි ආශ්‍රය කරනවා. හොඳයි එහෙම වෙන්නේ නැද්ද?  


ඉතින් මගේ චිත්‍රපටයක් බැලුවම විතරද දරුවෝ නරක් වෙන්නේ...?

ඔබේ උඩුකය ප්‍රතික්ෂේප කරන මේ සමාජයම අනික් පැත්තෙන් සීගිරි ලලනාවන්ගේ බිතු සිතුවම් දේවත්වයෙන් අදහනවා. ඔබ හිතන විදියට වැරැද්ද සිද්ධවෙලා තියෙන්නෙ කොතැනද?

මෙහෙමයි, මං හිතනවා මේ රටේ බහුතරයක් රසික ජනතාව මාව ප්‍රතික්ෂේප කළේ නෑ කියලා. මට ගහන තරමක් ගල් ගැහුවේ කලාව දේවත්වයෙන් අදහන මේ ක්‍ෂේත්‍රයේම ඉන්න මිනිස්සු ටික දෙනෙක් විතරයි. ඒ කාලේ මගේ රාගයේ උණුසුම, උණුසුම් රාත්‍රිය වගේ චිත්‍රපට දුවපු හෝල්වලම මගේ චෙරියෝ සාජන්ට් ඩ්‍රාමා එකත් පෙන්නුවා. එක හෝල් එකක් තිබුණා ඒක වටේම ගහලා තිබුණේ මගේ චිත්‍රපටවල පෝස්ටර්. නමුත් ඩ්‍රාමා එක කරද්දි මට කිසිම ප්‍රේක්ෂකයෙක් හූ කිව්වේ නෑ. මට කවුරුවත් ගල් ගැහුවේ නෑ. ඩ්‍රාමා එක ඉවර වුණාම ඒ මිනිස්සු මං ළඟට ඇවිත් ආදරෙන් කතා කරලා යනවා. නමුත් මේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න සමහරුන්ට අනුව නම් මං තමයි සිනමාවෙන් බිහිවුණු නරකම ගැහැනිය. මට තේරෙන්නෙ නෑ එහෙම වෙන්නෙ කොහොමද කියලා.

ඔබ කර්ම බැලුවද?

නෑ.

කර්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන කාන්තාව එක්තරා අවස්ථාවක නිරුවත් විය යුතුයි. ඇයගේ පයෝදර ප්‍රේක්ෂකයාට පෙන්විය යුතුයි. ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය නැරැඹුවට පස්සෙ නිළිය කියන්නෙ ඒ මගේ ඇඟ නෙවෙයි.... ප්‍රසන්න ග්‍රැෆික් එකක් පාවිච්චි කළා කියලා... ඔබ හිතන විදියට අපේ රටේ නිළියන්ට එහෙම කියන්න වෙලා තියෙන්නෙ ඇයි?

ඒක බරපතළ අර්බුදයක්. මං හිතන්නේ නෑ ලෝකෙ කොහෙවත් රටක එහෙම කියනවා කියලා. නමුත් අපේ රටේ එහෙම කියන්න සිද්ධවෙලා තියෙනවා. ඕනවට වඩා සංස්කෘතිය, සදාචාරය කියන රාමුව ඇතුළෙ හිර වුණාම දෙන්න වෙන්නෙ ඒ වගේ උත්තර තමයි.

ඔබ ඒ රාමුව කඩාගෙන බිඳගෙන යන්න හිතුවෙ ඇයි?

මං හැමදාම කෙළින් කතා කළා. මමත් ග්‍රැෆික් පාවිච්චි කළා නම් හෝ කෙළින් කතා නොකර මං ඒ දර්ශනවල පෙනී සිටියේ නෑ කියලා එළියේ වෙන දෙයක් කතා කළා නම් මට අද බනින අයගේ කටවල් වැහෙන්නත් තිබුණා. නමුත් මං එහෙම නොකළ නිසා මං නරකයි. මට එහෙම නොකරන්න තවත් හේතුවක් තිබුණා. ඒ තමයි මම නිරූපණය කරපු හැම දර්ශනයක්ම කළේ අධ්‍යක්ෂවරයා සමඟ කෙළින් සාකච්ඡා කරලා මගේ පූර්ණ අනුමැතිය ඇතිව. ඉතින් මං ඒක කරලා කළේ නෑ කියන තත්ත්වයට කවදාවත් පත්වුණේ නෑ.

ගබ්සාව නීතිගත කිරීම හොඳයිද, නරකයිද?

හොඳයි...
 

එකඟතාවට හේතු?

මානුෂිකව, හෘදසාක්ෂියට එකඟව, ඔය බහුබූත අදහස් බිමින් තියලා බැලුවොත් මේ රටේ මිනිස්සු ගත කරන්නෙ අන්තිම දුක්ඛිත ජීවිත. තුන්වේලම කනවා කිව්වට අපේ මිනිස්සු කන්නෙ සල්ලි. ජීවත්වීම ඉතාම දුෂ්කර කාර්යයක්. පුදුම තරම් කාර්යබහුල වෙලා. අපි දරුවන්ට ආදරෙයි. අපිට දරුවෝ ඕන. නමුත් ඕනවට වඩා දරුවෝ හදලා කවුද ඒ දරුවන්ට කන්න දෙන්නෙ. ඉස්කෝලේ යවන්නෙ.

ගණිකා වෘත්තිය නීතිගත කරන්න යනවා. ඔබ ඊට එකඟ වෙනවද නැද්ද?

ඔව්.

එහෙම කියන්නෙ ඇයි?

මම මගේ රටට හුඟක් ආදරෙයි. ගෞරව කරනවා. නමුත් අද අපේ රට පත්වෙලා තියෙන තත්ත්වයට මේ රටේ නීතියෙන් තියෙන දරදඬුතාවත් බලපාලා තියෙනවා. පත්තරයක් ගත්තොත් දවසකට කොයි තරම් ස්ත්‍රී දූෂණ වෙනවද කියලා පේනවනේ. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම ඒකට එක හේතුවක්. මිනිසුන්ගේ අසහනය වැඩිවෙලා. මං හිතනවා ඔය දරදඬු නීති ලිහිල් වුණොත් මේ තත්ත්වය ඊට වඩා වෙනස් වෙයි.

ඔබ ගැන කවුරු මොනවා කිව්වත් එක්තරා යුගයක ලංකාවේ තරුණයන්ගේ සෙක්ස් ඇරියස් යවාගන්න ඔබේ චිත්‍රපට බලන්න ගියා. ඔබේ පෝස්ටර් ගෙදර කාමරේ ගහගෙන හිටියා. ඒක නේද ඇත්ත...?

මගෙ ෆිගර් එකට ආස අය ගොඩාක් හිටියා. හමුදාවේ තරුණයන් අතර මං බොහොම ජනප්‍රිය වෙලා හිටියා. මගේ පින්තූරයක් පත්තරයක ගියත් ඒ පත්තරය හොයාගන්නවත් බැරි තැනට විකිණුනා. ඒ නිසා තරුණ අය එහෙම වුණා කියන එක පිළිගන්න පුළුවන්. ඒ වකවානුවේ එක්කෙනෙක් හරි මං නිසා සතුටු වුණා කියනවා නම් ඒක මට ලොකු පිනක්.
 

ගැන ඔබ අමෙරිකාවේදී කතා කරන ප්‍රමාණය ලංකාවේදී කතා කරන්න බයයිද?

සත්‍ය දේ කතා කරන්න මං ලංකාවේදී තියා අමෙරිකාවේදිවත් බය නෑ.

නමුත් ඔබ හිතන ප්‍රමාණයටම ඒ ගැන හිතන්න ලංකාවේ මිනිස්සුන්ට Freedom එකක් නෑ නේද?

ඒක වෙන්න පුළුවන්. අමෙරිකාව කියන්නෙ නිදහස් රටක්. සංස්කෘතියට ගරු කරනවා. සංස්කෘතිකත්වයටත් ඉහළින් පෞද්ගලිකත්වය ගරු කරනවා. ඒ නිසාම අපේ රටේ තරම් ලිංගික අතවර වෙනවත් අඩුයි. අපේ රට කොයි තරම් දියුණු වුණත් අපේ රටේ මිනිස්සුන්ගෙ ඔළු හදන්න බෑ. ඒක හරියට පාරවල් කොයිතරම් දියුණුවෙලා තිබුණත් කලර් ලයිට්ස් දාන්නත් කලින් අරහෙන් මෙහෙන් පනිනවා වගේ තමයි.

අද බොහෝ නිළියන් කියන විදියට අධ්‍යක්ෂවරුන්ගෙන්, නිෂ්පාදකවරුන්ගෙන් බලපෑම් ඔබටත් ආවද?

මං කළ දේ කළේ සෙලෝලයිඩ් පටයට විතරයි. එතැනින් එහාට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් පෞද්ගලික ජීවිතයට සමීප කරගත්තෙ නෑ. ඒ වගේම අද කාලේ වගේ නයිට් ක්ලබ් ගාණේ ගියෙත් නෑ. ව්‍යාපාරිකයෙක් අල්ලගෙන හොඳ විවාහයක් කරගන්න බලාගෙන රඟපෑමට ආවෙත් නෑ. තාමත් මේ පොළොව උඩ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි.


Gossip Lanka Hot News Previous News Archive