විද්‍යාව-ගණිතය පමණක් නොව ඉතිහාසය-බුද්ධාගම ප්‍රශ්න පත්තරත් කලින් පිට වෙලා - O/L paper leak

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ බුද්ධාගම යන ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවී ඇති බවට කරුණු හෙළිදරව්වී තිබේ. රජයේ මුද්‍රණාලයේ සේවකයකු සහ විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු මෙම ප්‍රශ්න පත්‍ර පිටකර ඇතැයි අනාවරණය වන අතර පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකුද මීට සම්බන්ධ වී තිබේ.

ඉහළ දේශපාලන සම්බන්ධකම් ඇති ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද මීට සම්බන්ධ වී ඇති බැව් මව්බිම පුවත්පතින් කළ ගවේෂණයකදී හෙළිදරව් වී ඇත.ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල මෙම ප්‍රශ්න පත්‍ර විකුණා ඇති බවද අප කළ ගවේෂණයේදී අනාවරණය විය.එක් ප්‍රශ්න පත්‍රයක් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා මිල ගණන්වලට විකුණා ඇති බවද හෙළිදරව් වේ.


මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කෙළේ මීට අදාළ ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ඇති නිසා කිසිවක් පැවැසිය නොහැකි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු මේ පිළිබඳ අදහස් දක්වමින් පැවැසුවේ එක්තරා උපකාරක පන්ති ගුරුවරයකුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට අදාළ තොරතුරු රැසක් හෙළිදරව් කරගෙන ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්ය.

Gossip Lanka Hot News Previous News Archive